පොළොන්නරු යුගය ක්‍රි.ව. 1017 සිට ක්‍රි.ව.1215 දක්වා රාජධානියක්ව පැවතුනි. අනුරාධපුර යුගයේ අවසානය සමග නැගී ආ පොළොන්නරුව මුලින්ම රාජධානිය කරගත්තේ ආක්‍රමණික චෝල පාලකයන් විසිනි.
පසුව විජයබාහු හා පරාක්‍රමබාහු රජවරුන් විසින් මහත්සේ දියුණු කරන ලද පොළොන්නරුව ක්‍රි. ව. දක්වා පැවතුනි. අතීත ශ්‍රී ලාංකාවේ දියුණුම හා බලවත්ම රාජධානියක් ලෙස පොළොන්නරුව ශක්තිමත් වූයේ එහි ස්වාභාවික පිහිටීම, සරුසාර බිම් පෙදෙස හා සිංහල රජවරුන් විසින් ඇති කළ පරාක්‍රම සමුද්‍රය, ගිරිතලේ වැව ආදී වාරි කර්මාන්ත හා කෘෂි කාර්මික දියුණුවෙනි.
පොළොන්නරු යුගයට අයත් තිවංක පිළිම ගෙය, නිශ්ශංක ලතා මණ්ඩපය, ගල් විහාරය ආදී කලා ශිල්ප රැසක් අදද දැක ගැනීමට හැකි අතර, බොහෝමයක් එය අල්ලා ගත් කාලිංග මාඝ වැනි ආක්‍රමණිකයින් විසින් විනාශ කරන ලදි.
ගල් විහාර, ලංකාතිලකය, තිවංක පිළිමගෙය යන ස්‌ථානවල පොළොන්නරු යුගයට අයත් චිත්‍ර ඇත. මේ අතරින් ඉතා උසස්‌ම චිත්‍ර ඇත්තේ තිවංක පිළිමගෙහි බිත්තිවලය. මඳ රතකු - කහ සහ කොළ පැහැය යොදා ගනිමින් පුද්ගල රූප භාව සෞන්දර්ය සිද්ධාන්ත වලට අනුරූපව සාම්ප්‍රදායික ක්‍රමයට මෙම චිත්‍ර ඇඳ ඇත. බෝසත් සිරිත හා බුදු සිරිත මෙම චිත්‍රවලට පදනම් ව ඇත.