එළාර රජතුමා (ක්‍රි.පූ. 205-161)
 
එළාර රජු ඉන්දියාවේ චෝල දේශයෙන් පැමිණ අසේල රජු මරා ලක්දිව පාලනය සියතට ගත්තේය. ද්‍රවිඩ පාලකයෙකු වු ඔහු රටවැසියාගේ සිත දිනා ගනිමින් අවුරුදු 44 ක් රජකම් කළ බව පැවසේ. එළාර රජු පාලන මධ්‍යස්ථානය වශයෙන් තබාගත්තේ අනුරාධපුරයයි. 

එළාර රජු අනුරාධපුරය පාලනය කරන සමයෙහි රුහුණු රට පාලනය කළේ කාවන්තිස්ස රජතුමාය. රුහුණේ අසහාය පාලකයා වු කාවන්තිස්ස රජතුමා වුවත් අනුරාධපුරය ආක්‍රමණය කිරීමට මැළිකමක් දැක්වූයේත් ගැමුණු කුමරුට සොළීන් සමඟ සටනට නොයන ලෙස උපදෙස් දුන්නේත් එහි මනා ශක්තිමත් පාලනයක් තිබූ නිසා බව පිළිගත හැකිය. එමෙන්ම අනුරපුර වැසියන්ගේ සිත් දිනාගෙන එළාර රජු රට පාලනය කළ නිසා බැවින් ද පෙනීයයි. කෙසේ වෙතත් එළාර රජු මහවැලි ගඟ දිගට බලකොටු තනවා රුහුණින් පැමිණිය හැකි ආක්‍රමණ වලක්වා ගැනීමට විමසිලිමත්ව සිටි බවට සාක්ෂි ඇත.

(c) Shilpa Sayura Foundation 2006-2017