භු ලක්ෂණ අභ්‍යාස 2
 

සපයා ඇති 1 : 50,000 සිතියම් කොටස අධ්යයනය කොට පහත සඳහන් ප්රශ්නවලට පිළිතුරු සපයන්න.



 

(1)  පහත දැක්වෙන ලක්ෂණ පිහිටා ඇති ස්ථාන සිතියමෙන් හදුනාගෙන ඒවා
     සිතියම මත අදාල ස්ථානවල 1 2 3 4 5 වශයෙන් ලියා දක්වන්න.

     (A)  කොත් කන්ද අංක 1 වශයෙන් ද,
     (B)  පාෂාණ උද්ගතයක් (ගල) අංක 2 වශයෙන් ද,
     (C)  වනාන්තර ප්රදේශයක් අංක 3 වශයෙන් ද,
     (D)  වාරිමාර්ග ඇල අංක 4 වශයෙන් ද,
     (E)  උපරිම උස ඇති ස්ථානය අංක 5 වශයෙන් ද,



(2)  (A)  ප්රදේශය පුරා දක්නට ලැබෙන භෝග වගාව කුමක්ද ?
     (B)  ප්රධාන මාර්ගයේ දිග ආසන්න වශයෙන් කිලෝමීටර කොපමණද ?
     (C)  ප්රධාන වැව හරහා යන පරිපාලන මායිම් රේඛාව කුමක්ද ?
     (D)  ප්රදේශයේ විශාලත්වය වර්ග කිලෝමීටර කොපමණද ?
     (E)  වැව සෑදීමට ඉවහල් වී ඇත්තේ කවර සාධකයක්ද ?
     (F)   ප්රධාන වැවට ජලය සපයා ගැනීම සිදුවන්නේ කවර ආකාරයකින්ද ?
     (G)  ප්රධාන මාර්ගය දෙපස හමුවන පොදු ගොඩනැගිලි මොනවාද ?
     (H)  වාරිමාර්ග ඇලට සමාන්තරව ඇත්තේ කවර වර්ගයේ මාර්ගයක්ද ?
     (I) මෙහි දක්නට ලැබෙන වතු වගාව ආශ්රිතව දියුණු කළ හැකි කර්මාන්ත
           දෙකක් ලියන්න.
     (J)   ප්රධාන මාර්ගයේ සිට වැව හරහා යන සෙසු මාර්ගය ප්රදේශයෙන් ඉවත්
           වන්නේ කවර දිශාවෙන්ද ?
     (K)   ප්රදේශයේ සාමාන්ය උස කොපමණ විය හැකිද ?
     (L)  ප්රධාන වැවට දකුණින් ඇති කදු මුදුනේ ඇති ත්රිකෝණමිතික ස්ථානයේ
           උස මීටර වලින් කොපමණ විය හැකිද ?
     (M)   එකිනෙකට යාබදව වනාන්තරය, තණබිම හා හේන ඇති ස්ථානය සොයා ඒ
           වටා රවුමක් අඳින්න.
     (N) 74 වන කිලෝමීටර කණුව ආසන්නව පිහිටා ඇති මංසන්ධියේ සිට උතුරට
            යන මාර්ගය කවර මාර්ගයක්ද ?
     (O)  වෙනත් වැවිලි ලෙස භුමිය යොදා ඇති ස්ථානයක් කොටු කර පෙන්වන්න.
     (P)  හින්දු සිද්ධස්ථානයක් ඇති ස්ථානය වටා රවුමක් අඳින්න.


 

(c) Shilpa Sayura Foundation 2006-2017