සමෝච්ච රේඛා සිතියම් වර්ණ හා සළකුණු 6
 

සපයා ඇති සමෝච්ච රේඛා සිතියම ශ්‍රී ලංකාවේ 1 : 50,000 භු ලක්ෂණ සිතියම් (මෙට්රික් සිතියම්) ආශ්‍රයෙන් සකස් කර ගන්නා ලද්දකි. අවශ්‍ය තැන්වල 1 : 50,000 සිතියම්වල භාවිත වන සම්මත ලකුණු වර්ණ හා සංකේත භාවිත කරන්න. සම්මත ලකුණු වර්ණ හා සංකේත භාවිත නොකිරීම ලකුණු අඩු කිරීමට හේතු වන බව සලකන්න. සමෝච්ච රේඛා අන්තරය මීටර් 20 කි.



(1)  සිතියමෙහි (a) Q--------N  (b) O---------P  (c) Q--------R


     රේඛාවලින් දැක්වෙන භු ලක්ෂණ ඒ ඒ රේඛාව මත ලියන්න.

(2)  (a)  මීටර 780 ට වඩා උස්බිම් පාට කරන්න.
      (b)  නිරිත කෙළවරින් ඇරඹෙන ප්‍රධාන පාර (ඒ) උතුරු මායිමට කිලෝමීටර
          1 ½ ක් නැගෙනහිරෙන් පිටවේ. දකුණු ප්‍රදේශයෙන් ඇතුළුවන සෙසු පාරක් ද
           ස්ථානයේදී ප්‍රධාන පාරට එක්වේ. අඳින්න.
      
         
      (e) A ජනාවාසයේ බෞද්ධ සිද්ධස්ථානයක්, පාසලක්, තැපැල් කාර්යාලයක්,
           සංචාරක බංගලාවක් හා රෝහලක් ඇඳ පෙන්වන්න.


(3) තුන්වන කොටසට පිළිතුරු සැපයීම සඳහා සමෝච්ච රේඛා සිතියමට පහතින් ඒ 
    සඳහා වෙන්කර ඇති ඉඩ යොදාගන්න.


      (a) ප්‍රධාන ගඟින් වෙන්වී ඇති මායිම් රේඛාව කවරේද ?
      (b) මෙම ප්‍රදේශය කවර භෝග වගාවක් සඳහා වඩාත් යෝග්‍යද ? ඔබේ පිළිතුරට හේතු 2ක් පෙන්වන්න.
      (c) කොත් කන්ද ඇතුළත් වර්ග ප්රමාණය ආසන්න වශයෙන් කොපමණද ?


 


                          

(c) Shilpa Sayura Foundation 2006-2017