සපයා ඇති සමෝච්ච රේඛා සිතියම ශ්‍රී ලංකාවේ 1 : 50,000 භු ලක්ෂණ සිතියම් (මෙට්‍රික් සිතියම්) ආශ්රයෙන් සකස් කර ගන්නා ලද්දකි. අවශ්‍යය තැන්වල 1 : 50,000 සිතියම්වල භාවිත වන සම්මත ලකුණු වර්ණ හා සංකේත භාවිත කරන්න. සම්මත ලකුණු වර්ණ හා සංකේත භාවිත නොකිරීම ලකුණු අඩු කිරීමට හේතු වන බව සලකන්න. සමෝච්ච රේඛා අන්තරය මීටර් 20 කි.
(1) (A) සිතියමෙහි ඒකාකාර බෑවුම, නෙරුව, ගෙල කපොල්ල ඊට ඉතාමත් උචිත
ස්ථානයන්හි ලියා දක්වන්න.
(B) උසින් මීටර 1240 ට වැඩි ප්‍රදේශ සේයා කරන්න.
(C) සිතියමේ චුම්භක උතුර අඳින්න.
(2) (A) ප්‍රදේශයේ නිරිත කෙළවරේ සිට ධ අක්ෂරය අසලදී ප්‍රදේශයෙන් ඉවත්ව
යන ඒ වර්ගයේ පාර අඳින්න.
(B) A අක්ෂරය දක්වා ඇති තැන්වල තේ වගාව ව්‍යාප්තව ඇත. ලකුණු
කරන්න.
(C) යෝජිත ජලාශයකට උචිත ස්ථානයක් විකර්ණ රේඛා මගින් රවුම් කරන්න.
(D) E පිහිටි ස්ථානය ප්‍රදේශයේ ප්‍රධාන ජනාවාසය වන අතර එහි පන්සල,
ගොඩනැගිලි කිහිපයක්, ක්‍රිස්තියානි පල්ලියක්, පාසැලක්, තැපැල්
කාර්යාලයක් පිහිටා ඇත. ලකුණු කරන්න.
(3) තුන්වන කොටසට උත්තර සැපයීම සඳහා සමෝච්ච රේඛා සිතියමට පහතින්
ඒ සඳහා වෙන් කර ඇති ඉඩ යොදාගන්න.
(A) X සිට Y දක්වා හරස් කඩක් අඳින්න. සිතියමට පහලින් ඒ සඳහා ඇති
රේඛා සටහන උපයෝගි කරගන්න.
(B) ගිණිකොන කදුකර කොටසේ ජලවහනය කුමන ජලවහන රටාවකට අයත්
දැයි දක්වන්න.
(B) ප්‍රදේශයේ මුළු වර්ග ප්‍රමාණය කොපමණද ?
(B) ………………………………………………………………..