සමෝච්ච රේඛා සිතියම් වර්ණ හා සළකුණු 2
 

සපයා ඇති සමෝච්ච රේඛා සිතියම ශ්‍රී ලංකාවේ 1 : 50,000 භු ලක්ෂණ සිතියම්


(මෙට්රික් සිතියම්) ආශ්‍රයෙන් සකස් කරගන්නා ලද්දකි. අවශ්‍ය තැන් වල 1 : 50,000


සිතියම්වල භාවිත වන සම්මත ලකුණු වර්ණ හා සංකේත භාවිත කරන්න. සම්මත ලකුණු වර්ණ හා සංකේත භාවිත නොකිරීම ලකුණු අඩු කිරීමට හේතු වන බව සලකන්න. සමෝච්ච රේඛා අන්තරය මීටර් 20 කි. 


 



(1)   (A) සිතියමේ මීටර් 30, මීටර් 45, හා මීටර් 68 ස්ථානීය උස (ලක්ෂ්‍යය උස) උපයෝගි කොට සුදුසු තැන්වල පෙන්වන්න.


      (B) සොරොව්ව, ගල, අදාළ ස්ථානයෙහි ලියා දක්වන්න.


 


(2)   (A) උතුරු මධ්යයෙන් ඇතුළුවෙන ගිනිකොන මායිමට කිලෝමීටර් 1/2ක් බටහිර ප්රදේශයෙන් පිටවෙන ප්රධාන ගංගාව අඳින්න.


      (B) M සිට N දක්වා ඉඳිකරන ලද ප්රධාන මාර්ගය (ඒ) ඇඳ පෙන්වන්න.


      (C) ප්‍රධාන ගංඟාවෙන් වෙන්වන දිස්ත්‍රික්ක මායිම ගංගාවට සමාන්තරව අදාළ සංකේත මගින් ඇඳ පෙන්වන්න.


      (D) M අක්ෂරය මගින් දක්වන ලද ස්ථානය ප්රධාන ජනාවාසය වන අතර එහි පාසැල, සංචාරක බංගලාව, තැපැල් කාර්යාලය, රෝහල, උසාවිය අදාළ සංකේත වලින් දක්වන්න.


              


(3)   තුන්වන කොටසට පිළිතුරු සැපයීම සඳහා සමෝච්ච රේඛා සිතියමට පහතින් ඒ සඳහා වෙන් කර ඇති ඉඩ යොදා ගන්න.


      (A) වාචික පරිමාණය සහ පරිමාණ භාගය ලියා දක්වන්න.


      (B) වාරිමාර්ග ඇළේ දිග කිලෝමීටර කොපමණද ?


      (C) ප්‍රදේශයේ කෘෂිකාර්මික කටයුතු සඳහා වගා කිරීමට සුදුසුම භෝගය කුමක්දැයි නම් කරන්න. ඊට හේතු දෙකක් පෙන්වන්න.


 


(A) ………………………………………………………………..

(B) ………………………………………………………………..


(C) ………………………………………………………………..

(c) Shilpa Sayura Foundation 2006-2017