ගෞතම බුදුන් වහන්සේ පහළ වන සමයේ එනම් ක්‍රි.පූ හයවන සියවසේ ඊජිප්තු, බැබිලෝනියානු හා ඉන්දු ශිෂ්ටාචාරවල පැවතියේ සිද්ධස්ථාන මුල්කොටගත් නොපෙනෙන දෙවියන් හා යකුන් පුදන, බිලි පූජා ආදිය පිරි භෞතික ආගමික සංකල්පය. පූජකයින් දෙවියන්ගේ නියෝජිතයින් ලෙස සළකා කටයුතු කරන ලදි. ඉන්දීය සමාජය අධ්‍යාත්මික ලෙසින් ඊට වඩා ඉදිරියෙන් සිටින්නට ඇතැයි සැලකිය හැක.
ඉන්දීය සමාජය වේද යුගය පසු කරමින් ආධ්‍යාත්මික අගයන් කෙරෙහි යොමුවන කාලයක් උදාවිණි. විවිධ ශාස්ත්‍රද, පාලිත සමාජ රාමුවක්ද සමාජ සඹදතාද වෙළඳාම හා කලාවද පෝශණය වී තිබුණි. මිනිසුන් ශිෂ්ටාචාරවත් වූ අතර කුඩා නගර, රාජ්‍ය ලෙස පාලනය විණි. ඒවා වල පාලන ක්‍රම වේද හා ක්‍ෂත්‍රිය (රජ), බ්‍රාහ්මණ, වෙළඳ හා ශුද්‍ර ලෙස සමාජ කුළ තලයන් හතරකින් යුක්ත වීය.
හිමාලයේ බෑවුමක කපිලවස්තු නම් නුවරක ශාක්‍ය කුලයේ සුද්ධෝදන රජුට හා මහමායා බිසවට කුමරෙක් ඉපදිනි. සියළු දෙනට සෙත සදන අරුතින් සිද්ධාර්ථ නම් ලද මෙ කුමරුවා පසු කළෙක ශ්‍රමණ ජීවිතයකට ඇතුලත්ව තම ඉගැන්වීම් තුලින් ලෝකය වෙනස් කළේය.
සුඛෝපභෝගී ජීවිතයක් ගත කළ සිද්ධාර්ථ කුමරා යසෝදරා නම් කුමරියක හා විවාහ වීය. මහල්ලෙක්, ලෙඩෙක්, මළමිණියක් හා ශ්‍රමණයෙක් දැක සුඛෝපභෝගී දිවියක් ගෙවීම ජීවියේ සත්‍ය නොවන බව සිතා සත්‍යය ගවේශණය පිණිස තමනට පුතෙක් උපන් දිනයේම ගිහිගෙය හැර ගොස් මහණ විය.
විවිධ ආගම් හා ගුරුවරුන් ඇසුරේ උගත්තද තමන් සොයන සත්‍ය සොයගත නොහැකිව භාවනා වඩා තමන් විසින්ම ජීවිතයේ සත්‍යයය සොයා ගන්නට තීරණය කළේය. ශරීරයට අතිමහත් දුක් දී සය වසරක් උපවාස කළද සත්‍ය අවබෝධ නොවීම නිසා අති දුකත් නැති අති සැපත් නැති මධ්‍යම ප්‍රතිපදාවක් කෙරේ සිත යොමු කළේය.
මෙසේ භාවනා කරමින් සිටියදී සත්‍ය අවබෝධ කරගෙන බුදු බව ලබා ගති. තමන් ලබාගත් අවබෝධය දහමක් බවට පරිවර්ථනය කරමින් අන් අයද සුමගට යොමු කළ ගෞතම බුදුන් වහන්සේ තෘශ්ණාව නිසා දුක ඇතිවන බව පෙන්වා දුනි. චක්‍රයක් වන්වූ දුක සම්බන්ධ චතුරාර්ය සත්‍යත්, ඒ සඳහා විසඳුම් වෙනුවෙන් දුක නැති කර ගැනීමට ආර්ය අෂ්ඨාංගික මාර්ගයත් පෙන්වා දුන් උන් වහන්සේගේ ඉගැන්වීම් තුලින් බොහෝ දෙනාගේ දුක නැති කරගැණීමට හැකිවිණි.
සමානාත්මතාවය හා සත්‍ය මත පදනම් වූ බුදු දහම ඉතා ඉකිමණින් ව්‍යාප්ත වූ අතර බොහෝ දෙනා බුදුන් වහන්සේගේ සරණ ගියහ. කුළය නොසලකා සෑමට එකසේ පිහිට වීම, තමන් වහන්සේ හා අනුගාමිකයින්ගේ ජීවිත සුඛෝපභෝගී නොවීම, වත් පිළිවෙත් සහිත වීම හා දහම සරළ වීම තුල එය ජනතාවට ලංවිය.
මහණුන් වෙනුවෙන් ගැඹුරු ධර්මස්කන්දයක් දෙසූ බුදු රදුන් සාමාන්‍ය මිනිසුන්ට එය සරළව දෙසා තේරුම් කළහ.
බුදු දහමින් ඔප් නැංවුනු සමාජයක් හා සංස්කෘතියක් හිමි රටක් වශයෙන් ශ්‍රී ලංකාව ඉදිරියෙන් සිටින අතර අධ්‍යාත්මය මුල් කරගත් තේරවාදී බුදු දහමේ කේන්ද්‍රස්ථානය ලෙසද සැලකේ.
තම ජීවිත කාලයම අසරණයින්ට සරණ වෙමින් හා දහම් දෙසමින් දඹදිව චාරිකා කළ උන් වහන්සේ ශ්‍රී ලංකාවේ මහියංගනය, නාගදීපය, කැළණිය, ශ්‍රී පාදය යන ස්ථාන වළට වැඩ් බවට සැලකෙන අතර දිවාගුහාව, දීඝ වාපී, මුතියංගනය ආදී ස්ථානවල වැඩ වාසය කළ බවද කියැවේ.