ඇලෙක්සැන්ඩර්ටත් ප්‍රථම ග්‍රීකයෝ වෙළඳුන්, කලාකරුවන්, නිළධාරීන්, ගවේශකයින්, කුලී හේවායින් ලෙස පර්සියානු අධිරාජයට අයත් නගරවලට ආ ගියහ. ඇලෙක්සැන්ඩර්ගේ අධිරාජ්‍ය කැඩී ගියද ඊජිප්තු, පර්සියා, මධ්‍යම ආසියානු හා ඉන්දු සමාජවලට ග්‍රීක භාෂාව, දර්ශනය, කලාව හා අනිකුත් ශිල්ප හා ශාස්ත්‍ර වලින් බලපෑමත් ඇතිකිරීමට සමත් විය. අදද මධ්‍යම ආසියාවේ හා වයඹ දිග ඉන්දීයාවේ කළා නිර්මාණ වල ග්‍රීක උරුව දක්නට ඇත. ග්‍රීකයන් ගණිතයේ හා විද්‍යාවේ කළ සංවර්ධනය අදද දැක ගත හැකි වන්නේ ඒවා ඉගනීමේදී තවමත් භාවිතා වන ග්‍රීක සංකේත දෙස මනස යොමු කිරීමෙනි.
ඊජිප්තුවේ නව පාරාවෝ ලෙසින් කිරුළු පැළඳූ ටොලමි ඇලෙක්සැන්ඩර් මෙන් ඇරිස්ටෝටල්ගේ සිසුවකු විය. ඇලෙක්සැන්ඩ්‍රියාවේ මහා කෞතුකාගාරයක් හා පුස්තකාලයක් ඉදිකළ ඔහු රාජ්‍ය අනුග්‍රහය ලබාදී විද්‍යාත්මක කටයුතු සඳහා භාරයක්ද පිහිටවූයේය.
පරමිපරා දෙක තුනක් ගතවන තුරුම ඇලෙක්සැන්ඩ්‍රියාවේ බුද්ධිමය හා විද්‍යා හා පරීක්‍ෂණ කටයුතු කෙරුණු අතර ජ්‍යාමිතියේ නව සංකල්ප නිර්මාණය කළ ඉයුක්ලිඩ්,ලෝකයේ ප්‍රමාණය ආසන්න සැතපුම් 50 කට ගණනය කළ ගණිතඥ , ඉරැටොස්තෙනිස්, කේතුවල සම්බන්ධ නිර්මාණය කළ ඇපලෝනුයස් Apollonius, ප්‍රථම තාරකා සිතියම හා කැටලොගය නිර්මාණය කළ හිපාචස් Hipparchus සහ ප්‍රථම වාෂ්ප එන්ජිම සංකල්ප සැකසූ හීරෝ ඇලෙක්සැන්ඩ්‍රීයාව මුල් කොට ගත්හ.
ආකිමීඩීස් සිරාකියුස් සිට ඇලෙක්සැන්ඩ්‍රියාවට ඉගනීමට පැමිණි අතර හිරෝපිලස් ග්‍රීක වෛද්‍ය විද්‍යධාරයන් අතර අගතැන් ගණී. 1 වන හා 2 වන ටොලමි ගේ කාලයේ මහත් දැනුම් සමිභාරයක් ඇලෙක්සැන්ඩ්‍රියාහිදී සොයාගත් අතර ඒවා ලොව පුරා පැතිර ගියේය. ඇලෙක්සැන්ඩ්‍රියා පුස්තකාලය ලේඛන ගත කිරීමේ, පොත් පිටපත් කිරීමේ හා බෙදාහැරීමේ මධ්‍යස්ථානයක් වූ අතර නූතන පුස්තකාල සංකල්පය බිහිවීමට උපකාරී විණි.
ඊජිප්තුවේ ග්‍රීක රාජ්‍යත්වය අවසානයත් සමගම රාජ්‍ය අනුග්‍රහය අඩුවීමත් පූජකයින්ගේ බලපෑමත් නිසා ඇලෙක්සැන්ඩ්‍රියාවේ බුදිධිමය සංවර්ධනය, පුස්තකාලය හා කෞතුකාගාරය පරිහාණියට පත්වීමත් සිදුවුවද ශත වර්ශ 2කට වඩා ඉන් ලොවට දායාද කළ විද්‍යාත්මක පදනම්ද, වින්තනය හා සොයාගැනීම්ද යථාර්ථවාදී මානව සංවර්ධනය සීග්‍ර වීමට උදක්ම හේතු වී යයි සිතිය හැක.