පෙරික්ලීස් විසින් ඇතන්ස් ගොඩනැගීමේ කාර්යයට ගෘහ නිර්මාණ කරුවන් පමණක් නොව, කැටයමි කරන්නන්, කවියන්, රංගවේදීන්, දර්ශනවේදීන්, ප්‍රාඥයින් ගුරුවරුන් හා නොයෙකුත් ශිල්පවේදීන් එකතු කරගත්තේය.
ග්‍රීක බුද්ධි සංවර්ධනයට පෙරික්ලීස් ලබාදුන් වේගවත් ගාමකත්වය ඔහුගේ මරණින් පසුව පවා නොනැවතිණි. පෙරික්ලීස්ගේ සාර්ථකත්වයට හේතුව වූයේ රජුන් හෝ පුජකයින් උපදෙස් අනුව නොව වැදගත් තීරණ ගැනීමේදී පුරවැසියන්ට සහභාගී වීමට ලබා දීමය. වාග්චතුර්ය හා බුද්ධිමත් සංවාද සමුළු බහුල වූ අතර නව ගුරුකුළ බිහිවීමටද එයම හේතුවිය.
මෙම බුද්ධ් සංයෝජනයේ ප්‍රතිඵලයක් ලෙස ඇනක්ස්ගෝරස් ඉර හා තාරකා ආරමිභය ගැන විද්‍යාත්මක හැඳින්වීමක්ද කළේය.
එචිලස්, සොපොක්ලීස් සහ ඉරිපීඩියස් නම් නාට්‍ය වේදීන් ග්‍රීක නාට්‍ය කලාව නැංවූ අතර ඒවා වටා ග්‍රීක සමාජයද සංවිධානය විය.
ගැහැණු පිරිමි භේදයකින් තොරව තරුණ කොටස් වලට අධ්‍යාපන අවස්ථා ලැබුනු අතර පෙරික්ලීස්ගේ මරණයෙන් පසුව සොක්‍රටීස් නම් දාර්ශනිකයාගේ ඉගැන්වීම් වටා ඔවුන් ඒකරාශී වූහ.
සොක්‍රටීස් නිදහස් මතධාරියෙකු වූ අතර ඔහුගේ ඉගන්වීම් සාම්ප්‍රදායික ග්‍රීක විශ්වාස හා ජීවන ක්‍රමය ප්‍රශ්න කළේය. බුද්ධිය මුල්කොට සමාජය හැඩ ගැසිය යුතු යයි ඔහු විශ්වාස කළේය. මිනිසුන්ගේ මනස විකෘති කරන්නේ යයි චෝදනා කරමින් ක්‍රී.පූ. 399 දී ඇතන්ස් නගරාධිකාරිය විසින් සොක්‍රටීස්ව මරණයට පත් කරන ලදි. ඊට හේතුව වූයේ ඔහු හැම්ලොක් නමි විෂ ගස් වර්ගයකින් සාදාගත් මත්පැනක් තම නිවසේ මිතුරන් සමග අභිමානවත් විලාසිතාවක් ලෙස දක්වමින් පානය කිරීමයි. සොක්‍රටීස් මරණයට පත් කළද හැම්ලොක් පානය දිගටම සිදුවූ අතර ඔහුගේ ගෝලයෝ සොක්‍රටීස්ගේ ඉගැන්වීම් ඉදිරියට ගෙන ගියහ.
සොක්‍රටීස් ගේ ගෝලයින් අතරින් ප්‍රධාන වන්නේ ප්ලේටෝ ය. (ක්‍රි. පූ. 427 - 347). ප්ලේටෝ ලයිසියම් නම් පාසලක් ඇතන්ස්හි ආරම්භ කළ අතර එහි ප්‍රධාන අංශ 2 ක් ඉගැන්විණි.
එකක් මිනිස් චින්තනය සඳහා පදනම් පරීක්‍ෂාවට ලක්කිරීම වූ අතර අනික් අංශය වූයේ දේශපාලන ආයතන ව්‍යුහය හා ක්‍රියාවලිය පරීක්‍ෂාවට භාජනය කිරීමය.
අදද උසස් අධ්‍යාපනයේ භාවිතා වන පොත පත අතර ප්ලේටෝ ලියු පොත් වේ. ප්‍රථමයෙන්ම ජනතා මනෝරාජ්‍යක් පිළිබඳ ලිවූ පුද්ගලයා ඔහුය. ඔහු ඉන් ඉදිරිපත් කළේ දැනට තිබෙන සමාජයට වඩා හොඳින් සැලසුම් කළ සමාජයක් තිබිය හැකි බවය. ජනතා පරමාධිපත්‍ය සංකල්ප මත පදනම් වූ ඔහුගේ චින්තනය කොමියුනිස්ට් හා නූතන ප්‍රජාතන්ත්‍රවාදයේ මුල් අදහස් යයි සැලකීම වරදක් නොවේ.
ඔහුගේ නීර්භිත අදහස් ග්‍රීක සමාජය හෙල්ලූ අතර වරක් ඔහු සමාජය අමතා කියා සිටියේ "ඔබ විසින් අත්විඳින සමාජීය හා දේශපාලන දුක් ගැහැට සියල්ලේම පාලනය ඔබ සතුය. ඒ සඳහා ඔබට නැණවත්ව වෙනත් ජීවන ශෛලියක දිවිගෙවීමට වීර්යය හා ධෛර්යය ඇතිකර ගත යුතු අතර ඔබම එය තෝරාගැනීමට හා ක්‍රියාත්මක කිරීමට උත්සුක විය යුතුය" යනුවෙනි.
සමූහාණ්ඩුව (Republic) නම් ඔහු ලියූ ග්‍රන්ථය හා අවසන් නොකළ සමූහාණ්ඩුවක නීති පද්ධතිය පිළිබඳ අදහස් අද පාලන ක්‍රම වලද පදනම් වී ඇති බව සිතිය හැක.
ප්ලේටෝගේ මරණින් පසුව ඔහුගේ ශිෂ්‍ය ඇරිස්ටෝටල් එම කාර්යය දිගටම කරගන ගියේය. ජනාදරයට පත්වී තිබුණු ඇතන්හි ලයිසියම් පාසලට තරුණ ඇරිස්ටෝටල් පැමිණියේ මැසිඩෝනියාවේ ස්ටාගිරා නගරයෙනි. ඔහුගේ පියා මැසිඩෝනියානු රජකුගේ රාජකීය වෛද්‍යවරයා වී සිටියේය.
මැසිඩෝනියානු රජුගේ පුත්‍රයා වූ හා පසුව ග්‍රීක අධිරාජ්‍යය ගොඩ නැංවූ ඇලෙක්සැන්ඩර් කුමාරයාගේ ගුරුවරයා වූයේ ඇරිස්ටෝටල්ය. පසු කලෙක මධ්‍යතන ලෝකයේ උගතුන් විසින් නව පදනමක් නිර්මාණය කරන තුරු ඇරිස්ටෝටල්ගේ තර්‍ක ශාස්ත්‍ර චින්තනය වසර 1500 ක් පමණ කාලයක් යනතුරුම බුද්ධිමතුන්ගේ චින්තනයේ පදනම වීය.
ඇරිස්ටෝටල් ප්ලේටෝ මෙන් දේශපාලනය හා සමූහාණඩුව ගැන විශේෂ උනන්දුවක් නොදැක්වීය. මිනිසකු තමන්ගේ ඉරණම පාලනය කිරීමට පෙර ඔහු වඩා බුද්ධිමත් විය යුතුයයි ඔහු සිතුවේය. තිබෙන ක්‍රම පරීක්‍ෂාව ඔහුගේ චින්තනය විය.
මේ අනුව ඇරිස්ටොටල් ස්වාභාවික විද්‍යාවේ මූලාරම්භකයා ලෙස හැඳින්වේ. ක්‍රමවත්ව ව්ද්‍යාත්මක තොරතුරු රැස්කිරීමට පටන් ගත් ඔහු විවිධ දෙසට ගවේශකයන් පිටත්කර හැරියේය. තවද ඇරිස්ටෝටල් හා ලයිසියම් හි ඔහුගේ ශිෂ්‍යයයෝ විවිධ ග්‍රීක නගරවල හා අසල් වැසි රටවල පාලන තන්ත්‍ර සංසන්දනයට හා පරීක්‍ෂාවට භාජනය කළහ. විද්‍යාවක් ලෙස දියුණු වී ඇති දේශපාලන විද්‍යාවේ පුරාගාමියා ලෙසද ඇරිස්ටොටල් සැලකේ.
ක්‍රි.පූ 4 වන ශතවර්ශය වනවිට අවිද්‍යාමාන දෙවියන් හා යකුන්ද සංකේතද ප්‍රශ්න කරන නිදහස් මනසක් ඇති බුද්ධිමතුන් ඇතිවීය.
මෙම කාළය වනවිට ගෞතම බුදුන් පිරිනිවන් පා සිටි අතර විජය රජුද ලංකාවට පැමිණි තිබුණා යයි සිතිය හැක. ආර්යයන්ගේ ආගමන හරහාත් පර්සියානු යුද ආදියෙන් විවෘත වූ සේද මාර්ගය භාවිතයෙන්ද, ඉන්දීය සාගරයේ ගමන් කළ වෙළඳ යාත්‍රාවලින්ද යම් ආකාරයක බුද්ධි හුවමාරුවක් මධ්‍යධරණීය හා ඉන්දීයාව හා චීනය සමගද ඇතිවන්නට ඇතැයි සිතිය හැක. ඉන්දීය ඉතිහාසයේ පරිදි ඇලෙක්සැන්ඩර් රජුගේ ආක්‍රමණය හා ඉන්පසුව උතුරු ඉන්දියාවේ බෞද්ධ රාජධාණි ඇති කළ ඉන්දු - ග්‍රීක රජවරුන් ගැන අප ඉදිරියේදී ඉගන ගනිමු.
"Until Philosophers are kings, or kings have the spirit of Philosophy, cities will never have rest from their troubles."
Socrates: What is Justice?
Polemarchus: It's giving everyone the good or evil they deserve, helping friends and harming enemies.
Thrasymachus: It's following the law, doing what the people in power say.
Socrates: Rulers aren't always right, and they're never happy. Let's try to design a perfectly just society. It'll have people sticking to the skill they're best at, supplying each other's needs. It'll have three classes, golden ruler-guardians, silver auxiliaries and iron and bronze artisans. We'll have no families, but bring up the best people, women as well as men, to be rulers. They'll avoid poetry, do physical training and study philosophy. We'll have justice because everyone sticks to their own job. We'll have the three classes in harmony, just like the mind has three parts: desire, reason and spirit.
Glaucon: So what's philosophy, then?
Socrates: It's pursuing wisdom. Trying to find the immutable, the perfect, the true form of reality. It's not like foolish sailors squabbling over who's to take the helm. It's not like taming a wild beast. Imagine a cave where prisoners have been held since birth, they'd believe that the shadows they see are reality. The true philosopher is like someone who escapes from that cave and sees real things, when he gets back, no-one believes him. We'll get this by careful education up to the age of fifty.
Glaucon: What about the perfect State?
Socrates: It isn't a timarchy built on ambition, nor money-based oligarchy, nor squabbling democracy or gangster-ish tyranny. Our perfect society of philosopher-kings may never exist on earth, but we can hope.