ග්‍රීක පර්සියානු යුද්ධ
 

මේ වනවිට ඊජිප්තු හා බැබිලෝනයේ රාජ්‍ය දුර්වලව පැවති අතර බලවත් වූයේ ඊජිප්තුව ඉන්දීය බටහිර කඳු දක්වා මධ්‍යම ආසියාව කේන්ද්‍ර කොටගෙන ක්‍රියාත්මක වූ දාරියස්ගේ පර්සියානු අධිරාජ්‍යයි.

පර්සියානු අධිරාජ්‍ය විශාල වූවද එහි පර්සියානු ජනගහනය අල්ප විය. ඔවුන් ආක්‍රමණිකයෝ පමණක් වූහ. පර්සියන් භාෂාව පාලන කටයුතු වලදී භාවිතා වූ අතර නැගී එන ග්‍රීසියේ වෙළදුන් හා ඔවුන්ගේ මත පර්සියානු පාලක නිළධාරීන්ට නොදිරවූ අතර දාරියස් දකුණු රුසියාවේ බල්ගේරියාව ආක්‍රමණය කළේය.

ඔහු බල්ගේරියාවේ සිට යුරෝපයේ ඩැනියුබ් පෙදෙසට මහා සේනාවක් රැගෙන ආ අතර ඩැනියුබ් ගඟ තරණය කර උතුරු පෙදෙස ආක්‍රමණය කළේය. එහිදී ලත් අන්ත පරාජයෙන් පසුව තම හමුදා තරස් හා මැසිඩෝනියාවේ තබා සූසා නගරයට පැමිණියේය.

මේ අතර ආසියාවේ ග්‍රීක නගර ඇතිවූ කැරළි නිසා දාරියස් දුර්වල වීය. යුරෝපීය ග්‍රීකයෝ මින් ප්‍රයෝජන ගෙන දාරියස් හා ආක්‍රමණ තරඟයට අවතීර්ණ වූහ. ක්‍රී.පූ. 490 දී දාරියස් ඇතන්ස් නගරයට පහර දුන් අතර ඇතන්හිදී ඔහුට තවත් අන්ත පරාජයක් හිමිවිය.

මේ යුදයේදී ග්‍රීසියේ ඇතන්ස් නගරයේ පරම හතුරා ස්පාර්ටා වුවද ඇතීනාවෝ ස්පාර්ටා නගරයට දුවන්නකු යවා උදවි ඉල්ලූහ. තමන් පර්සියානුවන්ගේ වහලුන් බවට පත්වීමට ඉඩ නොදෙන ලෙස ඔවුන් ඉල්ලා සිටියහ. නූතන මැරතන් තරඟ එම ධාවකයා සිහිපත් කරණ ලෙස ආරම්භ වීය.

මේ දුවන්නා හැතපුමි සියයක් පමණ දුවා දින දෙකකදී ස්පාර්ටා නගරයට ලඟාවීය. ස්පාටාව ඒ ඉල්ලීමට ඉතා හොඳ ප්‍රතිචාර දැක්වූ අතර තම සේනා ඇතන්ස් නගරයේ උදව්වට එවූහ. ඒ වන විටත් පර්සියානු හමුදා පරාජය වී තිබිණි. පර්සියානුවෝ පෙරලා ආසියාවට ආහ.

 


දාරියස් ඉන් නොබෝ දිනකට පෙර මිය ගිය අතර ඔහුගේ පුත් සෙරෙක්සෙස් වසර හතරකට පසු නැවත ග්‍රීසිය සමග යුදයට සැරසිණි. මේ නිසා මුළු ග්‍රීසියම එකසත් විය. සෙරෙක්සෙස්ගේ හමුදාව ඉතා විශාල වූ අතර එය ඩාරඩනේලස් තරණය කර ක්‍රි.පූ. 480 දී මුහුදූ තීරය දිගේ නැව් හමුදාවක්ද සමග එනවිට තර්මෝපිලාහිදී පටු දුර්ඝයකදී 1400 ක තරමි කුඩා ග්‍රීක හමුදාවකට මුහුණ දිණි.

ස්පාර්ටාවේ ලියෝනිඩ්ස් මෙහෙයවූ කුඩා ග්‍රීක හමුදාව තමන්ගේ සියළු දෙනා මරණයට පත් වන තුරු සටන අත නොහැර ඉතා දක්‍ෂ ලෙස සටන් කර පර්සියානු හමුදාවට මහත් හානි කරන ලදි.



සෙරකසෙස්ගේ හමුදා තීබසයට හා ඇතන්ස් නගරයට ආවේ දඬුවම් ලැබ හික්මුණු විලාශයෙන්ය. තීබසය යටත් වූ අතර ඇතීනාවෝ නගරය අතහැර ගියහ. පර්සියානුවෝ ඇතන්ස් නගරයට ගිනි තැබූහ.

ඒ අතර පර්සියානු නැවූ හමුදාවෙන් තුනෙන් එකක් පමණ වූ ග්‍රීක නැව් හමුදාවක් විසින් සල්මිස් බොක්කේදී පර්සියානු නැවූ හමුදාව පරාජය කරන ලදි. තම මුහුදු සැපයුමි මාර්ගය අහිමු වූ සෙරෙක්ස් පරාජිතව නැවත ආසියාවට පැමිණියෝය.

ප්ලේටාහිදී පහර කෑ සෙරෙක්සස් තම හමුදාවෙන් හරි අඩක් විනාශ කරගනිමින් නැවත ආසියාවට පැමිණි අතර පර්සියානු නැව් හඹා ගිය ග්‍රීක නැවි හමුදාව විසින් මයිකලියාහිදී ඉතිරි ඒවා විනාශ කර දැමිණි.

මේ අනුව ආසියාවේ ග්‍රීක නගර විශාල ගණනක් පර්සියාවෙන් නිදහස් වූ අතර. ක්‍රි. පූ 484 දී උපත ලැබූ ග්‍රීක ඉතිහාසඥ හෙරඩෝටස් මේ පිළිබඳව ලියා ඇත.

මයිකලියා පරාජයෙන් පසුව පර්සියානු අධිරාජ්‍ය පිරිහෙන්නට ගති. ක්‍රි.පූ. 465 දී සෙරෙක්සස් ඝාතනය කරනු ලැබිණි. ඊජිප්තුවේ, සිරියාවේ හා මීඩියා හි කැරළි ඇතිවී පර්සියානු බලයෙන් තරමක් නිදහස් වීය.

(c) Shilpa Sayura Foundation 2006-2017