ග්‍රීක දර්ශනයේ දියුණුව
 

බාබේරියානු යුධ ක්‍රම හා බුද්ධිය ග්‍රීක ශක්තිය වීය. ආගමික පූජකයින් වෙනුවට ග්‍රීක සමාජයේ කැපී පෙනුනේ බුද්ධිමතුන්ය. බැබිලෝනියාවේ මෙන් ග්‍රීසියේ පූජක භාවය විශේෂ වරප්‍රසාදයක්ද නොවීය. ආර්ථිකය ශක්තිමත් වීම තුල අධ්‍යනයට හා දර්ශනයටද කලා කටයුතු වලටද අවස්ථාව තිබිණි.

මේ අනුව තාලේස් හා ඇනාක්සිමැන්ඩර් ආදී ග්‍රීක දර්ශනවාදීන් රැසක් බිහිවිය. ඔවුන් විශ්වය, පරිසරය ප්‍රශ්න කළහ. පිළිතුරු එලෙසම භාරගැනීමට වඩා තර්ක කර අවබෝධ කර ගැණීමට ඔවුන් උත්සාහ කළහ.

ක්‍රි.පූ හයවන ශත වර්ශය මානව සමාජයටම වැදගත් වන්නේ එකල වනවිට දර්ශනය විසින් විශ්වයේ මිනිසාගේ ස්ථානය ප්‍රශ්න කල බැවිනි.

ඉසායාගේ යුදෙවි අනාගත වාක්‍ය ඉහලම තලයකට පැමිණීමත්, ගෞතම බුදුරජාණන් ඉන්දියාවේ කළ ඉගැන්වීමුත්, චීනයේ කොන්ෆියුසියස් හා ලාවෝ සේ ධර්මයන්ද යුරෝපයේ සිට ආසියාවේ කෙළවර දක්වා මිනිස් මනස උද්‍යෝගීමත් කළ අතර මිනිසා නව චින්තන රටාවන් සොයා බලන්නටත් ගංගා නිම්න ශිෂ්ටාචාර වල ආගමික හා දේශපාලන සංකල්ප ඉවතලන්නටත් වීය.

(c) Shilpa Sayura Foundation 2006-2017