ග්‍රීක සමාජයේ දියුණුව
 

ග්‍රීක නගර වෙළඳාම, බුද්ධිමය මෙන්ම ශිෂ්ටාචාටයේ අගයෙන්ද වැඩුණු අතර ක්‍රී.පූ හයවන ශත වර්ශය වනවිට ග්‍රීසියේ ඉතා බලවත් වී තිබුණි. ඔවුන්ගේ සිද්ධස්ථාන ඉතා තේජවන්ත හා දර්ශනීය වූ අතර විශාල දැනුම් සමිභාරයක්ද ගබඩා වී තිබුණි. ඔවුන්ට නායකයන් මෙන්ම රාජකීය පවුල්ද සිටි අතර ඊජිප්තුවේ පාරාවෝ මෙන් රජ පෙළපතක්ද නොවීය.

ඔවුනට නීති පද්ධතියක් හා අධිකරණ නගරයට අනුව ව්‍යුහයක් තිබූ අතර එය රදළ හා වංශාධිපති ලක්‍ෂණ සහිත වීය. නායක පවුල් බලය රඳවාගන සිටියහ.


එහෙත් සෑම පුරවැසියකුටම ප්‍රජා කටයුතු වලදී යම් බලයක් හිමිවූ අතර ප්‍රජාතන්ත්‍රවාදී සංගමයේ අසුන් ගති. එහෙත් සෑම අයකුම පුරවැසියකු නොවිණි. පුරවැසි බව හිමිවී තිබුනේ ඉතා සුළු කොටසකටය. එක් පුරවැසියකුට වහලුන් දහසක් පවා සිටින්නට ඇත.
කෙසේ වෙතත් ඔවුන්ගේ නායකයේ පාරාවෝ මෙන් ජනතාවට දුරස්ථ නොවූහ. ඔවුන්ද දිවි ගෙවුයේ සාමාන්‍ය අයුරිනි.සමහර උතුරු නගරවල ප්‍රජාතන්ත්‍රවාදී ලක්‍ෂණ බොහෝ තිබුණි. ඒවා විශේෂ විය.බාබේරියානු යුධ ක්‍රම මෙන්ම බුද්ධියද ඔවුනගේ ශක්තිය වීය. ආගමික පූජකයින් වෙනුවට සමාජයේ කැපී පෙනුනේ බුද්ධිමතුන්ය. බැබිලෝනියාවේ මෙන් ග්‍රීසියේ පූජක භාවය විශේෂ වරප්‍රසාදයක්ද නොවීය.


(c) Shilpa Sayura Foundation 2006-2017