ග්‍රීකයන්ගේ නගර ව්‍යාප්තිය
 

මේ වනව්ට කළු මුහුදු තීරයේද, ඉතාලියේ හා සිසිලියේද ග්‍රීකයන් පදිංචි වී සිටියහ. එකල ඉතාලියේ සපත්තුවක් වැනි දකුණු කොටසට මැග්න ගාර්සියා කී අතර මාරසෙලීස් නම් ග්‍රීක නගරය පෙර පිනීසියානු ජනපදයක් වීය.

මේ වනවිට නයිල් හා යුප්‍රටීස් ගංගාවල ප්‍රවාහනය එක් පාලනයක තිබූ අතර ඊජිප්තුව හා සුමේරියාව එක් රාජ්‍යක් යටතේ විය. ග්‍රීකයින්ට එහි යාමට නොහැකි වූ අතර මැග්න ගාර්සියාවේ ඉතා කඳු සහිත ගමන් මාර්ග භාවිතා වීය. මේ නිසා ග්‍රීසිය එක් සේසත් නොවූ හා වෙන්වූ නගර රැසක් ලෙස විය.

අයොනික්, එඔලියන් හා ඩොරික් ආදී ග්‍රීක ගෝත්‍ර ලෙස සිටි අතර මුල්ම ආර්ය ග්‍රීකයන්ගේ පවුල් වලට නගර නායකත්වය හිමිවී තිබිණි. සමහරක් නායකයෝ ජනතාව විසින් ප්‍රජාතන්ත්‍රවාදීව තෝරාගත් අය වූ අතර සමහරෙක් පෙළපතින් නායකයන් විය. ඒ අතරම ආයුධ හා පිරිස් බලයෙන් පත්වූ කෲර පාලකයෝද සිටියහ.

භූ මිතික ලක්‍ෂණ නිසාම පාලන ප්‍රදේශ ඉතා කුඩා වූ අතර ජනගහනයද ඉතා සීමා සහිත වීය. වෙළදාම වැඩිවීම සමග නගර අතර සඹඳතා වැඩුනු අතර මිත්‍ර සම්මුතිද ඇතිවිය. කුඩා නගර විශාල නගර වල මිත්‍ර ආරක්‍ෂාව පැතූ අතර වසර හතරකට වරක් ඔලිම්පියා නගරයේදී පැවතුන මහා ක්‍රීඩා උළෙල තුලින් ඔවුන් වඩාත් ලංවූහ. සමහර ස්ථාන වල ගැටුම් පැවතියත් තරඟ සඳහා යන ක්‍රීඩකයන්ට වෙනසකින් තොරව කවුරුත් ආරක්‍ෂාව සැලසූහ. මේ අනුව ඔලිම්පික් උලෙළ සතුරු මිතුරු කාගේත් පොදු උලෙළක් වීය. ඊට ග්‍රීකයන් පමණක් නොව උතුරේ පිහිටි රාජ්‍ය වූ එපිරස් හා මැසිඩෝනියාවෙන්ද පැමිණියහ.

 

 

 

 

 

 

 


 


(c) Shilpa Sayura Foundation 2006-2017