මෞර්ය රාජාභිෂේකයෙන් පසුව මෙරට පෝෂණය වූ සංස්කෘතියේ සෑම අංගයකටම පාහේ මෞර්ය බලපෑම දැකිය හැකිය. විහාරාරාම ඉදිකිරීම, බ්‍රාහ්මීය අක්ෂර කලාව, ගෘහ නිර්මාණ ශිල්පය ආදී සෑම අංගයකම මෙම බලපෑම ඇතිවිය. මහාවිහාරය, ථූපාරාමය සෑදවීම, ශ්‍රී මහබෝධීන්වහන්සේ රෝපණය කිරීම, මිහින්තලය විහාර සංකීර්ණයක් වීම, වෙස්සගිරිය සහ ඉසුරුමුණිය යන සිද්ධස්ථාන ඇතිවීම මෙකල සිදුවූ සිද්ධීන්ය.
අරිට්ඨ කුමරු ඇතුළු පිරිස මහණ වීම නිසා මෙරට භික්ෂු ශාසනය ආරම්භ වීම, අනුලා දේවිය සහ පිරිස මහණ වීම නිසා භික්ෂුණී ශාසනය ඇතිවීම මෙකල ඇතිවූ වැදගත් සිද්ධීන්ය. මෙම සියල්ල දේවානම්පියතිස්ස රජතුමාගේ මූලිකත්වය නිසා ඇතිවූදේය. රාජ්‍ය පාලන කටයුතු වලදී බොහෝ විට භික්ෂූන්වහන්සේලා ගේ අවවාද අනුශාසනා ලබාගැනීම ද මෙතැන් පටන් රජවරුන්ගේ සිරිත විය. බුදු දහම ආරක්ෂා කිරීම සහ එහි දියුණුවට කටයුතු කිරීම රජවරු තම යුතුකම කොට සැලකුහ. මෙසේ රාජානුග්‍රහය ලැබීම නිසා බුදු දහම මෙරට ජන ජීවිතයේ වෙන්නොකළ හැකි අංගයක් බවට පත්වූ අතර බෞද්ධ සංස්කෘතිය මෙරට සංස්කෘතික අංගය ලෙස දියුණු විය.








