අනුරාධපුර නගරය
 

අනුරාධපුරය අනුරාධපුර රාජධානියේ අගනුවර වීය. මෙය විජය රජු සමඟ මෙහි පැමිණි අනුරාධ නම් ඇමතියෙකු ඇති කළ නිසා අනුරාධග්‍රාම වීයයි ද, එය ආරම්භ කිරීමේ නැකත වශයෙන් පැවතියේ 'අනුර නැකත' වීම හේතුවෙන් අනුරාධ නම් වී යයි ද මහාවංශයට අනුව දැක්වේ.


කෙසේ හෝ පසුව පැමිණි ආර්ය කණ්ඩායමක් වු භද්දච්චායන ගේ සොහොයුරෙකු ද මෙම නගරය ගොඩනැගීමට ප්‍රමුඛ වූයේ යැයි සැලකේ.

අනුරාධග්‍රාමය අනුරාධ පුරයක් බවට සංවර්ධනය කළේ පණ්ඩුකාභය රජතුමාය. ඉන්පසු සියවස් ගණනාවක් අඛණ්ඩව ලංකා ඉතිහාසයේ දීර්ඝතම කාලයක් අගනුවර වශයෙන් පැවතියේ අනුරාධපුරයයි.

ජලාශ්‍රිත ශිෂ්ටාචාරයේ මුදුන්මල්කඩ බඳුවූ වු අනුරාධපුරය 5 වන සියවසේ දී පමණ සීගිරියට මාරුවූවත් නැවතත් 1017 චෝල ආක්‍රමණයන් පොළොන්නරුව අගනගරය වනතුරුම දිගුකලක් අගනගරය වශයෙන් පැවතුණි.

(c) Shilpa Sayura Foundation 2006-2017