පණ්ඩුකාභය රජතුමා (ක්‍රි.පූ. 437-367)
 

පණ්ඩුකාභය රජතුමා ශ්‍රේෂ්ඨ පාලකයෙකු ලෙස ඉතිහාස ගතවෙයි. එයට හේතුවන්නේ,
1. අනුරාධපුරය සැලසුම් සහගත නගරයක් බවට පත්කිරීම.
2. ගම් සීමාවන් දක්වා ඒවායේ පාලනය විධිමත් කරවීම.
3. ඉතිහාසයේ සඳහන් වන ප්‍රථම වැව වන අභය වැව සහ තවත් වැව් කරවීම.
4. පැරණි ගෝත්‍රික ජනතාව එක්සත් කොට එක් පාලනයකට යොමුකිරීම.
5. නගර පාලනය මනා ලෙස සංවිධානය කර නගර ගුත්තික නම් පාලකයෙකු යටතට පත්කිරීම.



පණ්ඩුකාභය රජතුමාගේ පාලන කාලය පිළිබඳව වංශකථාවලින් තොරතුරු හෙළිවෙයි. අනුරාධපුර නගරය සැලසුම් කිරීමේ දී ඉතා සංවිධානාත්මකව එය ඉටුකළ බව මහාවංශයේ සඳහන් වෙයි.

නගරසීමා ලකුණු කිරීම, නගරය වටා දිය අගල් තැනවීම, උද්‍යාන, සුසාන භුමි, මාර්ග වැනි නගරයට අත්‍යවශ්‍ය අංග එක්කිරීම, කැළිකසළ ඉවත් කිරීමට අවශ්‍ය සේවකයන් ඒ ඒ කුලවලින් පත්කිරීම, ජල පහසුකම් ඇතිකිරීම, නගරයට පිවිසීමේ දොරටු හතරක් ඇතිකිරීම ආදී සියලු කටයුතු පණ්ඩුකාභය රජතුමාගේ අනුදැනුම ඇතිව සිදුවිය.

සියවස් ගණනාවක් අනුරාධපුරය පාලන මධ්‍යස්ථානය වශයෙන් පැවතියේ පණ්ඩුකාභය රජතුමාගේ තීක්ෂණ බුද්ධිය අනුව තෝරාගත් ස්ථානයක් වීම නිසාත් සැලසුම් සහගතව නගරය නිර්මාණය කල නිසාත් බව පෙනී යයි.


 

පණ්ඩුකාභය කුමාරයාගේ පියා වන දීඝ ගාමිණී කුමාරයාගේ පියා ‍වූ  දීඹායු කුමාරයා (පඬුවස් දෙව් රජගේ බිසව වූ භද්ද ච්චානා කුමරියගේ එක්  සහෝදරයෙක්) විවාහ වූයේ ස්වදේශීය යක්‍ෂ ගෝත්‍රිකාවක සමග බව මතයක් පවතී. මේ ඥාති සඹඳතාවට පසු කලෙක පණ්ඩුකාභය කුමාරයාට යක්‍ෂ ගෝත්‍රික සහයෝගය ලබාගැනීමෙන් රට එක් සේසත් කිරීමටද හේතු වන්නටද ඇත.

(c) Shilpa Sayura Foundation 2006-2017