අනුරාධපුර රාජධානියේ අගනුවර වශයෙන් පැවතියේ අනුරාධපුරයයි. අනුරාධග්‍රාමය අනුරාධ පුරයක් බවට සංවර්ධනය කළේ පණ්ඩුකාභය රජතුමාය. ඉන්පසු සියවස් ගණනාවක් අඛණ්ඩව ලංකා ඉතිහාසයේ දීර්ඝතම කාලයක් අගනුවර වශයෙන් පැවතියේ අනුරාධපුරයයි.
අනුරාධපුර යුගයේ දී ලක් වැසියන්ගේ ප්‍රධාන ජීවනෝපාය වූයේ කෘෂිකර්මයයි. එහි පදනම වූයේ බෙහෙවින් වර්ධනය වූ සංකීර්ණ වාරිමාර්ග පද්ධතියකි. ඒ සඳහා ඔවුහු ප්‍රගූණ කල විශිෂ්ඨ තාක්ෂණයක් උපයෝගී කර ගත්හ.
කෘෂිකර්මාන්තයට අමතරව වෙළඳාම සහ කර්මාන්ත ද එම අර්ථ ක්‍රමයට අනුයුක්ත වූ සෙසු අංග විය. වෙළඳාම බාහිර හා අභ්‍යන්තර වශයෙන් සංවිධානය විය.
භූ ගෝලීය පිහිටීම අනුව ශ්‍රී ලංකාව වැදගත් වෙළඳ මධ්‍යස්ථානයක් බවට පත් ව තිබිණි.


