ඉතා ඇත අතීතයේ පටන්ම අරාබි වෙළෙඳුන් වෙළඳ කරටයුතු සම්බන්ධයෙන් උනන්දුවක් දැක්වූ පිරිසක් වූහ. යුරෝපයට සහ ආසියාවට වෙළඳ භාණ්ඩ ගෙන ගිය සේද මාවත පවා වැටී තිබුණේ අරාබිය ඔස්සේය. පර්සියානු බුමුතුරුණු, සම් භාණ්ඩ, සුවඳ විලවුන්, පලතුරු, කැටයම් සහිත කඩු, පිහියා, කිරිච්චි වැනි අවි ආයුධ මෙන්ම විල්ලුද රෙදි ද ඔවුහු වෙළදාම් පිණිස ගෙනගිය අතර පෙරදිග රටවලින් කුළුබඩු, මුතු මැණික්, ඇත්දත් සහ කස්තුරි ආදිය මිලට ගෙන තම රටවලින් ගෙන ගියහ. සුලෙයිමාන්, අබුසෙයිද්, අල්බිරූනි, මසුදි යන අරාබි ජාතිකයන් තම ග්‍රන්ථවල ලංකාව ගැන සඳහන් කොට ඇත. මුස්ලිම් පල්ලි ශ්‍රී ලංකාවේ ඉඳිකරන ලද්දේ ද මුස්ලිම් ආගම මෙරට ව්‍යාප්ත වූයේ ද වෙළඳාම් පිණිස ලංකාවට පැමිණි මුස්ලිම්වරුන් නිසාය.
ඉස්ලාම් ආගම නිසා කලාශිල්ප සහ සාහිත්‍යය ද පෝෂණය විය. මුස්ලිම්වරුන්ගේ ආගමික ග්‍රන්ථය වන කුරානය, එක්දහස් එක්රැය, ඔමර් බයියාම් ගේ රුබයියාට් මෙන්ම ඇවිසින්නා විසින් ලියන ලද ෛෙවද්‍ය විද්‍යාවේ විනය නීති සම්බන්ධ කෘති ද ඔවුන්ගේ කෘතීන් අතර වැදගත් එ්වාය. 0-9 දක්වා වන ඉලක්කම් භාවිතා කිරීම ලොවට ප්‍රචාරය කළෝ අරාබින්ය. එය ඉන්දියාවේ ඇති වී අරාබියෙන් ප්‍රචාරණය වු නිසා 0-9 දක්වා ඉලක්කම් ඉන්දු-අරාබි ඉලක්කම් ලෙස ද හැදින්වේ.
රෝමවරුන් මෙන්ම අරාබින් ද ගෘග නිර්මාණ ශිල්පයෙහි දක්ෂයෝ වූහ. ඔවුන්ගේ මාලිගා, පල්ලි සහ සොහොන් ගෙවල් ආදිය විශිෂ්ට නිර්මාණවලින් අලංකාර කර තිබුණි. ඔවුන්ගේ නිර්මාණවල වැදගත් ලක්ෂණය වන්නේ ගෝලාකාර වහලයයි. විශේෂයෙන්ම පල්ලිවල දක්නට ලැබෙන ඉතා උස් වු කොත ද විශේෂ නිර්මාණයකි. බොහෝ විට මෙම ගොඩනැඟිලි විවෘත ඉඩකඩ සහිත ඒවා විය. මොනම අලංකාරයක් සඳහාවත් මිනිස් රූප හෝ සත්ව රූප යොදාගැනීම මුස්ලිම් ආගමෙන් තහනම් කරනු ලැබ තිබීම නිසා ඔවුන් සිය අලංකරණ කටයුතු සඳහා ජ්‍යාමිතික රටා, රේඛා සහ ලියවැල් වැනි මෝස්තර යොදාගත්හ.
කඩදාසි නිපදවීම පිළිබඳ චීනුන්ගෙන් උගත් අරාබින් එය යුරෝපයට හඳුන්වා
දුන්හ. ග්‍රීක සභ්‍යත්වයෙන් ලබාගත් බොහෝ වටිනා දේ පිළිබඳව යුරෝපා ජාතීන්ට දැනගත හැකිවූයේ අරාබින් මාර්ගයෙනි. රෙදිසායම් කිරීමට අවශ්‍ය රසායනික ද්‍රව්‍ය යොදාගැනීම ද ඔවුන් දැනසිටි අතර එමගින් ඔවුන්ගේ රෙදිපිළි ලෝක ප්‍රසිද්ධ විය. අද ද ඉරාන බුමුතුරුණුවලට ලෝක වෙළඳපලෙහි විශාල ඉල්ලුමක් ඇත.