මහම්මද්තුමාගේ මරණින් පසුව අරාබි හමුදා සිරියාව, පලස්තීනය, පර්සියාව, ඊජිප්තුව ආදී රාජ්‍යය ආක්‍රමණය කළහ. පසුකාලීනව අප්‍රිකාව සහ ස්පාඤ්ඤය දෙසට ද තම අධිරාජ්‍යය ව්‍යාප්ත කළහ. මෙසේ යටත් කරගත් ප්‍රදේශවල ඉස්ලාම් ධර්මය පතුරුවා හැරීමට කටයුතු කළහ. 1453 වනවිට කොන්ස්තන්තිනොපල් නගරය ද තුර්කිවරුන් අතට පත්වීමත් සමඟම අරාබි අධිරාජ්‍යය තවත් විශාල වු අතර යුරෝපීය ජාතීන්ට ගොඩබිම වෙළඳ මාර්ගය ද අවහිර විය. එනිසා ඔවුන්ට නව මුහුදු වෙළඳ මාර්ග සොයා යෑමට සිදුවිය. එහි ප්‍රතිඵලයක් ලෙස පළමුවෙන් පෘතුගීසීන් ද දෙවනුව ලන්දේසීන් ද පෙරදිග රටවල් කරා මුහුදු මාර්ගයෙන් පැමිණියහ.