අරාබියේ ශිෂ්ඨාචාර ව්‍යාප්තිය
 

දකුණින් අරාබි මුහුදින්, බටහිරින් රතු මුහුදින් සහ නැගෙනහිරින් පර්සියාවෙන් (ඉරානය) වට වී ඇති අර්ධද්වීපය අරාබිය ලෙස හඳුන්වනු ලැබේ. අරාබිය ඉස්ලාම් ධර්මය ඇති වු භුමියයි. ක්‍රි.ව. 570-632 අතර කාලයේ පහළ වු මහම්මද්තුමා ඉස්ලාම් දහමේ නායකයාය. එතුමා උත්පත්තිය ලැබුයේ මක්කම නම් ස්ථානයේය.


කුඩා කළ ඉතා දුෂ්කර දිවිපෙවෙතක් ගත කළ එතුමාට සිය දේශනා මගින් බොහෝ අනුගාමිකයන් පිරිසක් ඇතිකර ගැනීමට හැකිවිය. මෙම අනුගාමිකයන් එතුමාගේ ඉගැන්වීම් පිළිගත් අතර ඔවුන්ගේ දක්ෂ නායකත්වය නිසා එක්සත් අරාබියක් අතිකිරීමට ද සමත් වූහ.

මහම්මද්තුමා දේශනා කළ ධර්මයේ හරය වන්නේ එක් දෙවියෙක්, එනම් අල්ලා යනු එක් දෙවියෙකු පමණක් සිටින බවත්, මහම්මද්තුමා දෙවියන්ගේ නියෝජිතයා පමණක් වන බවත්ය. අල්ලා දෙවියන්ගේ ආශිර්වාදයෙන් මරණින් මතු ස්වර්ගයට ඇතුළුවිය හැකි බවත් ඔවුන්ගේ විශ්වාසයයි. කුරානය ඔවුන්ගේ ශුද්ධ වු ග්‍රන්ථය ලෙස පිළිගැනේ.

මහම්මද්තුමාගේ මරණයෙන් පසුව ඔහුගේ මිතුරකු වූ අබු බකර් බලයට පත්වී වසර දෙකකට පසුව උමාර් නම් අය ඉස්ලාම් බලය ලබාගති. ඔහු යුද කොට පර්සියානු අධිරාජ්‍යයද, ඊජිප්තුවද, සිරියාවද අල්ලාගන ඉස්ලාම් ආගම පැතිරවීය.

ඔහු විසින් ඉස්ලාම් රාජ්‍ය ක්‍රමයක් හඳුන්වා දුන් අතර කුරානය පිටපත් කර ලොව පුරා යැවීය. දමස්කසය ඉස්ලාම් ආගමික අගනුවර වූ අතර ඉස්ලාම් අධිරාජ්‍යය දකුණු ප්‍රංශයේ සිට මධ්‍යම ආසියාව දක්වා පැතිරුණි. ඉස්ලාම් අධිරාජ්‍යයේ විශේෂත්වය වූයේ එය තනි අධිරාජ්‍යයකුගේ පාලනයට වඩා ආගමිකව බැඳුනු සුල්තාන් වරුන් විසින් විවිධ ප්‍රදේශ පාලනයයි.

 

උමායඩ්ගෙන් පසුව බලය පැමිණි ඇබිසිඩ්වරු විසින් අගනුවර ලෙස බැග්ඩෑඩ් නගරය තෝරාගත් අතර බැග්ඩෑඩ් නගරය ඊ ලඟ වසර 500 කදී ඉස්ලාමික දේශපාලන කේන්ද්‍රය වීය. 1258 දී හුලගු නම් මොනගෝල් පාලකයා බැග්ඩෑඩය අල්ලා ගෙන එහි වටිනා දැනුම පිරි පුස්ථකාල ගිනි තැබුවේය.


 

ඒ අතර ජේරුසලමේ අයිතිය පිළිබඳව ක්‍රිස්තියානි හා ඉස්ලාමික යුද්ධ පැවතුණි. සලාදින් නම් මුස්ලිම් නායකයකු 1187 දී ජෙරුසලම නැවත අල්ලා ගති.

 

මොනගෝල්වරුන් විසින් නැගෙනහිර ඉස්ලාමික නගර විනාශ කර සිනායි කාන්තාරයේ සිට ඉන්දියාව දක්වා පාලනය කළහ. ඔවුන් පසුව ඉස්ලාමි ආගමට හැරුණු අතර කානිඩ්වරු ලෙස හැඳින්විණි. මේ අතර ඔටෝමාන් නම් තුර්කි පාලකයකු ඉස්ලාමීය අධිරාජ්‍යයේ නෑගී ආවේය. ඔටෝමාන් කොන්ස්තන්තිනෝපලය අල්ලාගත් අතර බයිසෙන්ටයින් අධිරාජ්‍යය බිඳ දමා යුරෝපයේද සමහර කොටස් පාලනය කළේය.

ඔහු අරාබි ලෝකය හා නැගෙනහිර යුරෝපය සම්පූර්ණයෙන්ම වාගේ අල්ලාගත් අතර 17 වන ශත වර්ෂයේ බටහිර යුරෝපීය හා රුසියානු හමුදා බලවත් වන තුරු ඔටෝමාන් බලය පැවතුණි. ඔටෝමාන් බලය අවසාන වූයේ 1924 දී කමල් අටාඋක් තුර්කියට පහරදී බලය අල්ලාගත් පසුවය.

ඔටෝමාන්වරු බටහිර ප්‍රදේශ කෙරෙහි බලය පතුර්දී පර්සියාවේ සෆාවිඩ්වරු 1502 දි බලයට පැමිණියෝය. පර්සියාවේ ඉස්ෆාහන් අගනුවර කොටගත් ඔවුන් ඉස්ලාමීය කලාව දියුණු කළහ. 1736 ඇෆ්ගනිස්තානයේ නඩාර් සහාගේ ආක්‍රමණයෙන් ඔවුන්ට බලය අහිමි විය. ඔවුහු පර්සියාව එක් සේසත් කළ අතර ඉන්දියාවද අල්ලාගති. ඔවුන්ගේ පාලනය තිබුණේ ටික කලකි. සැන්ඩ් රාජවංශය ඔහුගෙන් පර්සියාවේ ලබාගත් බලය 1779 දී කුජාර්වරුන් විසින් ලබාගන ටෙහෙරානය අගනුවර කොට ගත් අතර 1921 දී පාලවී වරුන් එම බලය ලබාගති.

ඉන්දියාවට ඉස්ලාම් ආගම පැමිණියේ ඉන්දු නදිය හරහායි. 13වන ශත වර්ශයේදී මුස්ලිම්වරු දේශපාලන බලය ලබාගත් අතර 1526 දී බාබර් නම් මෝගල් අධිරාජ්‍යයාගේ කාලය ඉස්ලාම් බලය පැතිරුණි. අක්බර්, ජන්ගීර්, ෂා ජහාන් වැනි අධිරාජ්‍යන්ගේ කාලයේ එය තවත් බලවත් වී 1857 දී ඉංග්‍රීසි බලය හමුවේ යටපත් වීය.

12 වන ශත වර්ශයේදී නැගෙනහිර දෙස පිහිටි සුමාත්‍රාව, ජාවා, මලයාසියාවේ ඉස්ලාම් රාජ්‍ය බිහිවූ අතර ඉන්දුනීසියාව, පිලිපයින් දූපත් හා දකුණු තායිලන්තයට එය පැතිරුණි.

ආරමභයේදීම උතුරු අප්‍රිකාව ඉස්ලම්කරණය වූ අතර, සහරාව හරහා ගිය වෙළඳුන් මාර්ගයෙන් එය දකුණු පෙදෙසට ලඟාවිය.

(c) Shilpa Sayura Foundation 2006-2017