මහා ඇලෙක්සැන්ඩර් අධිරාජයා (ක්‍රි.පූ. 356-323)
 

මැසිඩෝනියාවේ පිලිප් රජුගේ පුත්‍රයා වූ ඇලෙක්සැන්ඩර් රජකමට පත්වන විට අවුරුදු 20 ක් පමණ විය. ඔහුගේ පියා විසින් පර්සියාව පරාජය කිරීමට සංවිධානය කළ ශක්තිමත් ග්‍රීක හමුදාවක් ග්‍රීසිය සතුවිය. මොහුගේ ගුරුවරයා වූයේ විශිෂ්ට දාර්ශනිකයෙකු වප ඇරිස්ටෝටල්ය.

 


 



ඇලෙක්සැන්ඩර් කුමරු රජවන විට ඉතා ලාබාල වියේ සිටි නිසා ඔහුගේ රාජධානිය තුළ විවිධ කැරලි හටගත්තේය. නමුත් අති දක්ෂ රණශුරයෙකු වු ඇලෙක්සැන්ඩර් ඉතා පහසුවෙන් සියල්ල මර්දනය කළේය. පසුකාලීනව පර්සියාව (ඉරානය) ජයගැනීමට සේනා සංවිධාන කොට පර්සියාව සතු යටත් ප්‍රදේශ ගණනාවක්ම අල්ලා ගත්තේය. ඉන්පසු නයිල් ගඟ අසබඩ ඇලෙක්සැන්ඩ්‍රියා නමින් නගරයක් ඉඳිකොට ඊජිප්තුව තමා යටතට ගත්තේය.

 


 


 

 

ඇලෙක්සැන්ඩ්‍රියා නගරයේ පුස්තකාල, කෞතුකාගාර, නෘත්‍යශාලා, මාලිගා සහ නාන තටාක ඉඳිකර තිබුණි. මහා ඇලෙක්සැන්ඩර් රජු විසින් එම නගරයේ ඉදිකරන ලද ප්‍රදීපාගාරය අඩි 400 පමණ උස් වු අතර එය ඔහුගේ විශිෂ්ට නිර්මාණයක් ලෙස හැඳින්වෙයි.

මහා ඇලෙක්සැන්ඩර් රජුගේ කාලයේ ග්‍රීක සංස්කෘතියේ පිබිඳීමක් ඇතිවිය. විශේෂයෙන්ම චිත්‍ර මූර්ති කලාවන්ට ධනවතුන්ගේ අනුග්‍රහය ලැබුණි. ඔහුගේ අධිරාජ්‍යය පුරා නව නගර 70 ක් පමණ ඉඳිකළේය. ඇලෙක්සැන්ඩර් රජුගේ කාලයේ ග්‍රීක භාෂාව ඉතා ජනප්‍රිය ප්‍රචලිත භාෂාවක් විය. ග්‍රීක සාහිත්‍යය මෙන්ම දර්ශනයද ඊගෙනීමට ශිෂ්‍යයෝ ඉමහත් කැමැත්තක් දැක්වූහ. ඉන්පසු ඇලෙක්සැන්ඩර් ඉන්දියාව ආක්‍රමණය කිරීමට ගොස් එය අසාර්ථක විය. ඔහුගේ සෙබළු තවත් නැගෙනහිරට යාමට මැලිවූහ. ඇලෙක්සැනඩර් ඉන්දියාවේ බටහිර හා උතුරු ප්‍රදේශ අල්ලාගත් අතර මුහුද දක්වා පහලට ආයේය. ඉන් පසුව එම නගර වල ඉන්දු ග්‍රීක රාජධාණියක් ඇති විණි.

කාලගුණය හරස්වීමත් දුෂ්කර මාර්ග ඔස්සේ ගමන් කිරීමට සිදුවීමත් නිසා මෙම අවස්ථාව මඟහැරී ගියබව ඉතිහාසඥයින්ගේ මතයයි. ඉන්පසු නැවත අරාබි මුහුද ඔස්සේ යාත්‍රා කොට බැබිලෝනියාවට පැමිණියේය. කෙසේ වුවත් අවුරුදු 33 වන විට ඔහුගේ අභාවය සිදුවිය. ඉන්පසු ඔහුගේ රාජ්‍යය කොටස් කිහිපයකට කැඩී ගියේය. ඉනික්බිතිව ඔහුගේ හමුදා නායකයන් විසින් එම කොටස් පාලනය කරන ලදී.

 

(c) Shilpa Sayura Foundation 2006-2017