පයිතගරස් (ක්‍රි.පූ. 580-498)
 

ග්‍රීසියෙහි උපන් මොහු ශේ‍්‍රෂ්ඨ ගණිතඥයෙක් මෙන්ම දාර්ශනිකයෙකි. එමෙන්ම සංගීතඥයෙකි. පයිතගරස්ගේ නියමය අනුව ඍුකෝණි ත්‍රිකෝණ සම්බන්ධ නියමයන් මෙන්ම ත්‍රිකෝණයක කෝණ තුනෙහි එකතුව ඍුකෝණ දෙකක් වන බවද ඔහු විසින් ඔප්පු කරන ලද නියමයන් වේ. කුඩා කළ සිටම අති දක්ෂයෙක් වු ඔහු විසින් අසන ලද ප්‍රශ්නවලට පිළිතුරු දීමට ගුරුවරුන්ට පවා නොහැකි විය. ටික කලක් ඉතාලියේ ජීවත් වූ පයිතගරස් එහිදී පාසලක් ද ඇරඹීය.

එය හැඳින්වූයේ ප්ලේටෝ ඇකඩමිය යනුවෙනි. යුරෝපයේ ඇතිවූ ප්‍රථම විශ්ව විද්‍යාලය මෙම ඇකඩමිය බව සැලකේ. ආගමට නැඹුරු ජීවිතයක් ගතකළ ඔහුගේ පාසලේ අංක ගණිතය, ජ්‍යාමිතිය සහ තාරකා විද්‍යාව, දර්ශනය වැනි විෂයයන් ඉගැන්වීය. පෘථිවි භ්‍රමණය නිසා දිවා රාත්‍රිය ඇතිවන බවත්, පෘථිවිය සූර්යයා වටා පරිභ්‍රමණය වන ආකාරයත් ඔහු පැහැදිලිව ප්‍රකාශ කරන ලදී. මෙම නූතන මතවාද නිසා ඔහුගේ ශිෂ්‍යයන් සහ ඔහු මහජන අප්‍රසාදයට පත්වූ අතර ඔහුට විරුද්ධව ජනතාව නැගී සිටියහ. ඔහු මිය යන විට වයස අවුරුදු 80 ක් විය.

(c) Shilpa Sayura Foundation 2006-2017