ප්ලේටෝ (ක්‍රි.පූ. 429-347)
 

ප්ලේටෝ සොක්‍රටීස්ගේ ප්‍රධාන ශිෂ්‍යයාය. උසස් පවුලක ඉපදීම නිසා බොහෝවිට ඔහුගේ මතවාද වලට එරෙහිව එක එල්ලේ තර්ජනයක් එල්ල නොවුණි. උත්පත්තිය අනුව මිනිසෙකුට කිසිදු පංතියකට අයත් නොවන බව ඔහු පවසා ඇත. මෙය ඔහුගේ නිහතමානි බව පෙන්වයි. මෙය බුදුන් වහන්සේගේ වසල සූත්‍රයේ එන 'නචජ්ජාහෝති බ්‍රාහ්මණෝ' යන වැකිය සිහිගන්වයි.

ඔහු කෘතීන් 28 ක් පමණ රචනා කරන්නට ඇතැයි විශ්වාස කෙරේ. මේවා සියල්ලම සංවාද ආකාරයෙන් රචනාකර ඇත. අධ්‍යාපනය සම්බන්ධයෙන් ද ප්ලේටෝගේ දර්ශනයට උසස් ස්ථානයක් හිමිවේ. නීරෝගි ශරීරයකින් තොරව නීරෝගි මනසක් ඇති නොවන බව ප්ලේටෝ උගන්වයි. දේශපාලන විද්‍යාව සම්බන්ධයෙන් විවිධ කෘතීන් රාශියක් ප්ලේටෝ විසින් ලියා ඇත.

දේශපාලනය යනු පාලකයන්ගේ දියුණුව නොව පාලිතයන්ගේ සුභ සාධනයට පමණක්ම වියයුතු යන්න ඔහුගේ දර්ශනයයි. ප්ලේටෝගේ මුළු ජීවිතයම දාර්ශනික සිතුවිලි වලින් පොහොසත් වූවක් විය. එම නිසාම ඔහුට ඇරිස්ටෝටල් වැනි ශේ‍්‍රෂ්ඨ ශිෂ්‍යයෙකු ඇති කිරීමට හැකිවිය.

(c) Shilpa Sayura Foundation 2006-2017