ස්පාර්ටා වැනි රාජ්‍යවල සමාජය කොටස් තුනකින් සමන්විත විය. ප්‍රභු පංතිය, සාමාන්‍ය පංතිය සහ වහලුන් වශයෙනි. වහලුන් ලෙස තබාගන්නේ අසල්වැසි රාජ්‍ය යටත්කොට ගත් සහ අල්ලා ගත් අයයි. වුන් ස්පාර්ටා රාජ්‍යයේ ආර්ථිකය ගොඩනගන්නෝ වූහ. කෘෂිකාර්මික කටයුතු සඳහා මෙම වහලුන් යොදාගන්නා ලදී. යුදමය කටයුතු සඳහා විශාල කෘෂිකාර්මික නිපැයුමක් අවශ්‍ය වු අතර එය සපයාගන්නා ලද්දේ වහලුන්ගේ ශ්‍රමය මගිනි.
වහලුන්ද මෙය දැන සිටි අතර එනිසා නිරතුරුවම වහල් ප්‍රදේශ කැරලි කෝලාහලවලින් යුතුවිය. ප්‍රභු පංතිය මෙම කැරලි කෝලාහල මර්දනය කිරීමේ යෙදුනහ. එනිසා ප්‍රභු පංතියට යුදමය පුහුණුව අනිවාර්ය අංගයක් විය. බොහෝවිට කැරලිකරුවන් මර්දනය කිරීමට යොදාගන්නේ රාත්‍රී කාලයයි.
ඇතන්ස් රාජ්‍යය ස්පාර්ටාවට වඩ වඩාත් වෙනස් මුහුණුවරක් ගත් අතර ඔවුන් රාජාණ්ඩුවකට හෝ ප්‍රභුවරුන්ගේ පාලනයට එතරම් කැමැත්තක් නොදැක්වීය. එනිසා ඇතන්ස්වරු ප්‍රජාතන්ත්‍රවාදී මාවතකට අවතීර්ණ වීමට උත්සාහ දැරූහ. නමුත් මුලදී මෙයින් වාසිය අත්වූයේ ඉඩම්හිමි ප්‍රභු පංතියටයි. දුප්පත් දිළිඳු ගොවි ජනතාවට ඉන් කිසිදු සහනයක් අත්නොවීය. ප්‍රභු පවුලක උපන් ස්ලයිස්තීනස් නම් ප්‍රභුවරයා ප්‍රථම වරට පිරිමි අයට ඡන්ද බලය ලබාදීමට ක්‍රියා කරන ලදී. මේ අනුව ප්‍රථම වරට පාලනයට පාලක මණ්ඩලයක් පත්කිරීමේ වරම ඇතන්ස්වරුන්ට හිමිවිය.
ඉන්පසු ඔහුගේ පරපුරේ පණුබුරෙකු වු පෙරික්ලීස් තව දුරටත් මෙම ප්‍රජාතන්ත්‍රවාදී ක්‍රියාදාමය ඉදිරියට ගෙන ගියේය. පෙරික්ලීස් කාලයේ දී ඇතිවූ අසීමිත නිදහස නිසා ද ග්‍රීක දාර්ශනිකයන්ට සිය නිදහස් අදහස් ප්‍රකාශ කළ හැකිවිය. පාලනය සඳහා මණ්ඩලයක් පත්කිරීම, ජූරි සභාවක් සහිත නඩු විසදීම, දුප්පත් පුරවැසියන් පවා රාජ්‍ය පාලනයට හවුල් කරවා ගැනීම සහ ඇතන්ස් නගරය අලංකාරවත් අන්දමින් ගොඩනැංවීම, සුප්‍රසිද්ධ ඇතීනා දෙව්මැදුර ගොඩනැංවීම මෙකල සිදුවූ වැදගත් සිද්ධීන්ය. සොක්‍රටීස් මෙකල බිහිවූ ශේ‍්‍රෂඨ දාර්ශනිකයෙකි.