මෝගල් අධිරාජ්‍යය (1526 -1857) ආරම්භ කළේ බාර්බර් නම් මොන්ගෝලික නායකයාය. ඔහු පනිපට්හිදී අවසාන දිල්ලි සුල්තාන් වරයා වූ ඊබ්‍රාහිම් ලෝඩි පරදවා ජයගති.
ඔවුනනට දකුණූ ඉන්දියාවේ නැගී එන රාජ වංශ සමඟ දකුණේ බලය අල්ලාගන සිටීමට ශක්තියක් නොවුණු අතර ඔඔවුන්ගේම අනුගාමිකයන්ද ඔවුනට එරෙහිව බලය ප්‍රාදේශීය බලය අල්ලා ගත්හ. මුස්ලිම් බාමුණි සුල්තාන් (1347-1527) සහ හින්දු විජයනගර අධිරාජ්‍ය(1336-1565) බිහිවූයේ එලෙසිනි.
සෆාර් කාන් නම් පාදේශීය පාලකයා කැරළි ගසා තමන් සුල්තාන් කෙනකු ලෙස පත්කරගත් අතර අලා අඩ් ඩින් භාමන් ෂා යන නාමය ගති. ඔහුගේ අගනගරය උතුරු ඩෙකෑන් සානුව අසල විණි. එය වසර දෙසීයක් පැවතුණි. පසුව එය තවත් සුල්තානා පහකට කැඩී වෙන්වුණි. ඒවා බිජාපූර්, ගොල්කොන්ඩා, අහමඩ්නගර්, බෙරාර් හා බිඩාර් නම් විය. 1527 දී බාමණි සුලතාන් දිල්ලි සුල්තාන් මෙන් දැරිය නොහැකි බදු පැණවීය. එය ඔහුගේ පරිහාණියට හේතු විණි.
අක්බාර් රජ මෝගල් පරපුරේ ශ්‍රේෂ්ඨතම රජතුමා ලෙස සැලකේ ඔහු බාබර් ගොඩනැගූ මෝගල් අධිරාජ්‍ය ඇෆ්ගනිස්ථානය දක්වාද , උතුරු ඉන්දියාව දක්වාද පුළල් කළේය. ඔහු විසින් හින්දු ජනයාගේ සිත් දිනාගත් අතර සැමට සමානව සලකමිම්න් මුස්ලිම් නොවන අයට තිබූ බදු ඉවත් කළේය. මනා රාජ්‍ය පාලනයක් ඇති කළ අක්බාර් රජු සෑම ප්‍රදේශයකටම ප්‍රදේශීය හමුදා පාලකයකු පත් කළේය. ඔහු බොහෝ හින්දු පවුල්වල තරුණියන් විවාහ කර ගත් අතර බිරියන් 4000කට වඩා සිටි බව කියැවේ. අක්බාර් රජුගේ විශේෂත්වය වන්නේ එතෙක් මෝහල් පාලනය තුල පීඩාවට පත් හින්දු ආගමිකයන්ට සමලෙස සැලකීම හා විනයානුකූල රාජ්‍ය පාලනයක් ඇති කිරීමය.
1605 දී අක්බාර් රජුට පසුව රජවූයේ ඔහුගේ පුත් ජන්ගීර්ය. ඔහු තම පියාමෙන් දක්‍ෂ පාලකයකු නොවූ අතර කළාත්මක දේ ප්‍රිය කරමින් කාලය ගත කළේය.
ජන්ගීර්ගෙන් පසුව රජවූයේ ඔහුගේ පුත් ෂා ජහාන්ය. අක්බාර් රජු විසින් ගොඩනැගූ ආරථිකය නිසා මෝගල් රාජධාණිය ලොව ධනවත්ම රාජධාණියක්ව තිබිණි. ඔහු එම ධනය වැයකරමින් මහා මන්දිර ගොඩනැගුවේය. ඉන් එකක් වන්නේ තාජ් මහල් ය. ඔහුගේ බිරිඳ වන ආජුමන් බානු (මුම්ටාස්) තම දහ හතරවන දරුවා ප්‍රසූත කරද්දී මිය ගිය හෙයින් තාජ් මහල් ප්‍රාසාදය ඇය සිහිවන්නට තනන ලදි. ඔහු එයට මුම්ටාස් මහල් යනුවෙන් නම් තැබීය. ඔහු විසින් ගොඩනැගූ ජුම්මා මස්ජිඩ් මන්දිරය ඉන්දියාවේ එවකට තිබුණු විශාලම මන්දිරය වීය.
පසුව ඔහු අවසාන කාලයේ වසර 8ක් තම පුතුවූ අරන්සෙබ්ගේ ගේ සිරකරුවකුව සිට මළේය. ෂා ජහාන් 1666 දී මිය ගිය අතර ඔහුගේ මළ සිරුර තජ් මහල්හි තම බිරිඳගේ සොහොන අසල මිහිදන් කෙරුණි.
අයුරන්සෙබ්
අයුරන්සෙබ් රජුගේ කාලයේ මෝහල් අධිරාජ්‍යය පරිහානියට පත්වෙමින් තිබුණි. ඔහු මුස්ලිම් නොවන්නන් අප්‍රිය කළ අතර ඉන්දියාව පුරා තිබූ හින්දු හා බෞද්ධ සිද්ධස්ථාන විනාශ කළේය. ඔහු දරුණු පාලකයකු හා යුධ කාමියකු වූ අතර 1679 දී අක්බාර් රජු අහෝසි කළ හින්දු බද්ද නැවත පැනවූයේය. මේ නිසා අධිරාජ්‍යය පුරා තැනින් තැන කැරළි ඇති විය. මේ නිසා ආර්ථිකයට හාණි පැමිණවුනු අතර ඔහු 1707 දී මිය යන තුරුම වසර 26 ක දීර්ඝ කාලීන ගරිල්ලා යුද්ධයකට පැටළුණි.
ඔහුගේ මරණින් පසුව දිල්ලියේ මධ්‍යගත පාලනය වෙනුවට අධිරාජ්‍යයේ සෙනවිවරු විවිධ ප්‍රදේශ පාලනය කරමින් ප්‍රාදේශීය මහරාජා වරු වූහ. මේ නිසා අධිරාජ්‍යය දුර්වල වීය. අයුරන්සෙබ් මරණයට පත්වූ විට කිරුළ හිමි කුමාරවරුන් 17 දෙනක සිටි අතර ඔවුන් අග්‍රාහි සටන් වැදුනහ. අවසානයේ බදුර් ෂා කිරුළ හිමිකර ගත් අතර ඔහුගේ පුත් ජන්දර් ෂා පසුව බලයට පත්වීය. ජන්දර් ෂා 1713 දී ඝාතනය වූ අතර සායිඩ් හුසේන් නැමෑත්තෙකු බලය අල්ලා ගනි. පසුව එළඹි කාලය මෝගල් වරුන් එකිනෙකා බලය සඳහා ඇණකොටා ගත් කාලයක් වූ අතර 1759 දී ෂා අලාම් බලයට පත්වී බ්‍රිතාන්‍ය හමුදා සමග කළ සටන් වලින් පැරදී ඉංග්‍රීසී සෙනවි රොබර්ට් ක්ලයිව් තම පාලකයා ලෙස තෝරාගන්නා ලදි.
1806 දී ෂා අලාම් ගේ පුත් දෙවන අක්බර් ෂා බලයට ආ අතර 1837 දී ඔහුගේ පුත් දෙවන බදුර් ෂා අවසාන මෝගල් පාලකයා වීය. බ්‍රිතාන්‍යයෝ 1858 දී බදුර් ෂා බුරුමයේ රැන්ගූන් නගරයට පිටුවාහල් කළහ.