දකුණු ආසියාවේ ඉස්ලම් නැගීම සිදුවූයේ මහමත් තුමාගේ මරණයට පසු ශත වර්ෂයේය. දමස්කසයේ උමායා කාලිප් මොහොමඩ් බින් කාසිම් ප්‍රමූඛ දුත පිරිසක් ආසියාවට එවන ලද අතර ඔවුන් ඉන්දියාවේ සින්ද් නගරය මුල් කොටගෙන ආගමික ප්‍රචාර කළහ. ඉන් ශත වර්ෂ තුනකට පසුව තුරකි, පර්සියන් හා ඇෆ්ගනිසථාන්වරුන් ඉස්ලාම් ආක්‍රමණවලට මුහුණ දුන් අතර ගස්නිහි හි මොහෝමඩ් (979-1030) රාජ්පුට් රාජධානිය හා ධනවත් හින්දු කෝවිල් කොල්ල කා පන්ජාබයේ ඉස්ලාමික බලය පිහිටුවා ගති.
12වන ශත වර්ෂයේ අග භාගයේ ගොර්හි මොහොමඩ් ඉන්දු ගංගා තීරය ආක්‍රමණය කර ගස්නි, මුල්ටාන්, සින්ද්, ලාහෝර් සහ දිල්ලිය අල්ලා ගති.
ඔහුගේ ජනරාල් වරයකු වූ කුට්බ්-අඩ්-ඩින් අයිබක් දිල්ලියේ සුල්තාන් ලෙස කිරුළු පැළඳීය.
13 වන ශත වර්ෂයේදී ෂම්ස් අඩ් ඩින් ඉල්තුමිස් (1211 - 1236) නම් වහල් රණකාමියා, දිල්ලියේ තුර්කි රාජධාණියක් ගොඩනැගීය. ඊ ලඟ වසර 100 දී දිල්ලි සුල්තානය නැගෙනහිරින් බෙනගාලය දක්වාද, දකුණේ ඩෙකෑන් සානුව දක්වාද බලය පැතිරවූවෝය. මේ කාලයේදී රාජ වංශ 5ක් නැගී බැසිණී.
වහල් රාජ වංශය (1206-90), කාලීජ් වංශය (1290-1320), තුග්හලක් වංශය(1320-1413), සායිඩ් වංශය (1414-51), ලෝඩි වංශය (1451-1526) යනු ඒවාය.
කාලිජ් වංශය වරක් දකුණු ඉන්දියාවේ කොටසක් අල්ලාගත් අතර ඔවුන් කෙටිකලකදීම නිදහස් වූහ. දිල්ලියේ බලය නිතරම ලබාගැණුනේ සාහසිකත්වයෙනි. එහි නායකකම් කළ සුල්තාන්වරු තිස්පහකින් 19ක් ම ඝාතනය කරන ලදි.
කුරානය සහ ෂාරියා ඉස්ලාම් නීතිය අනුව පාලනය ගෙන යන ලදි. මේ කාලයේ උතුරු ඉන්දියාවේ ගොවිතැන් හා කර්මාන්ත දියුණු වීය.