දකුණු දිග ඉන්දියාවේ බිහිව ශ්‍රී ලංකාව, මාල දිවයින ඇතුලු නැගෙනහිර ආසියා රටවල් කරා විහිදුණු චෝල අධිරාජ්‍යය දකුණු ආසියාවේ බලවත්ම අධිරාජ්‍යයක් ලෙස හැඳින්විය හැක. කරිකාල චෝලා, රාජරාජ චෝලා, රාජේන්ද්‍ර චෝලා, කුලෝතුංග චෝලා රජවරු චෝල අධිරාජ්‍යය නැංවූ බලවත් රජවරුය. චෝල අධිරාජ්‍යය බලවත්ම වූයේ 10-12 වන ශත වර්ෂ වලදීය. එය හමුදාමය, සංස්කෘතිමය හා ආර්ථිකමය බලයක් වීය. දකුණු ඉන්දියාවේ කන්චිපුරම් හා මදුරාසිය ඔවුනගේ අගනගරය වීය.
වරක් රාජේන්ද්‍ර චෝලා පාටලීපුත්‍ර තගරයද ආක්‍රමණය කළේය. දොලොස් වන ශත වර්ෂයේදී චෝල බලය පිරිහී 13 වන ශතවර්ෂය වන විට අවසාන විය.
චෝලා අධිරාජ්‍යය කාලයේ ද්‍රවිඩ සාහිත්‍යය හා ගෘහ නිර්මාණ කළාව අතිශයින් දියුණු වූ අතර ජීවක චින්තාමණී වැනි අගනා ද්‍රවිඩ සාහිත්‍ය කෘති ගණනක්ම බිහි වීමට හේතු විය.
චෝල රජවරු ඉදිකල සිද්ධස්ථාන ආගමික මෙන්ම ආර්ථික කටයුතු වලද කේන්ද්‍රය විය. මධ්‍යගත පාලන ක්‍රමයක් භාවිතා කළ ඔවුහු විනය සහිත රාජ්‍ය නිළධාරී ක්‍රමයක්ද ඇති කළහ.