සංස්කෘත භාෂාවේ ස්වර්ණමය යුගයේ බිහිවූ අග්‍රතම කවියා කාලිදාසය. ඔහු 2 වැනි චන්ද්‍රගුප්ත රජුගේ කාලයේ ලියු මේග දූතය හා සාකුන්තලා කාව්‍ය ලෝකයේ අග්‍ර ගණයේ නිර්මාණ ලෙස සැලකේ. ඔහු ලියූ මාලවිකාග්නිමිත්‍ර නම් නාට්‍යයයේ කථානායක දෙවන සුන්ගා රජ අග්නිමිත්‍ර ය. අග්නිමිත්‍ර රූමත් මාලවුකා නම් සේවිකාවක හා පෙමින් බැඳේ. මහ රැජිණිය මේ ගැන දැන මාලවිකා සිර කරයි., කෙසේ උවද මාලවිකා උපතින්ම කුමාරිකාවක් දැනගෙන පසුව දෛවය විසින් ආදරය ජයගනී.
කාලිදාසගේ දෙවන නාට්‍යය අභිජානකුණ්ටලම් නමි. එහි දුශ්‍යන්ත නම් රජකු අඩු කුලයේ සකුන්තලා නම් සූරූපියක හා පෙමින් බැඳී විවාහ වේ. රජු නැවත මාලිගයට ගිය කළ සකුන්තලා සෘෂි වරයකුගේ ශාපයකට ලක්වේ. ඒ අනුව රජුට සකුන්තලා අමතක වේ. සකුන්තලාට රජු විසින් වෙත තමන්ට දුන් මුද්ද නාන විට නැතිවේ. සකුන්තලා ගැබ් ගන්නා අතර මසුන් මරන්නකු විසින් මුද්ද සොයාගන රජුට දීමෙන් රජුට අතීතය මතක් වේ. අවසානයේ සත්‍ය ප්‍රේමය ජයගනී.
වික්‍රමවාසියම් කාලිදාසගේ තෙවන නාට්‍යයයි. පුරුරාවස් නම් රජු උර්වශී නම් දිව්‍ය අඟනක් හා පෙමින් වෙලේ. ඒ හේතුවෙන් දිව්‍ය සභාවේ උදහසට ලක්වීමෙන් උර්වශී ශාප ලබා දිව්‍ය ලෝකයෙන් පිටමන් කෙරේ. මෙය ඉතාමත් සිත්ගන්නා කතාවකි.
නල දමයන්ති නම් කතාවද කාලිදාස විසින් ලියන ලද බව පවසයි.
කාලිදාස ලියූ කාව්‍ය අතර රඝුවංශය, මේඝදූතය, සෘතු සංහාර වේ.