ගුප්ත යුගය කලා නිර්මාණ ඇතිවීම සම්බන්ධයෙන් ප්‍රසිද්ධියක් උසුලන අතර ගුප්ත ප්‍රතිමා නිර්මාණය ඉතා උසස් තැනක් ගනී. ඟුප්ත නිර්මාණ වල ඇති කලාත්මක බවත්, තැන්පත් බවත් විශේෂය. විශේෂයෙන්ම බුදුන් වහන්සේගේ ප්‍රතිමා දැක්වීමේ දී සිත්ගන්නා සුළු අයුරින් ශාන්ත භාවය නිරූපනය වන ආකාරයෙන් නිර්මාණය කර ඇත. ගුප්ත ආභාෂය ලැබූ ලංකාවේ සමාධි බුදු පිළිමය ගුප්ත යුගයේ මූර්ති කලාව පෙන්වන වැදගත් සාධකයෝ වෙති.