අශෝක අධිරාජයාගේ සමයේ දී බුදු දහමට ලැබුණු අනුග්‍රහය මෙන් අනුග්‍රහයක් හින්දු ආගමට ගුප්ත රජවරුන්ගෙන් ලැබුණි. විෂ්ණු දෙවියන් ඇදහීම ඉතා ප්‍රබල ලෙස ඉදිරියට පැමිණියේ මෙකලය. විෂ්ණු දෙවියන් ගේ දශ අවතාර ලෙස විවිධ නම් වලින් විෂ්ණු දේව වන්දනාව කළහ. විෂ්ණු දෙවියන් ඇදහීම මෙකල වෛෂ්ණව වාදය ලෙස ප්‍රචලිත විය.
ශිව දෙවියන් ඇදහීම ජනප්‍රියත්වයට පත්වූයේද පසුකාලීන ගුප්ත සමයේදී ය. ශිව දෙවියන් නටරාජ, ගෝවින්ද, පශුපති යන නම් වලින් හැදින්වූ අතර දකුණු ඉන්දීය ශිව දේවාල ඇතිවීම ද මෙකල සිÀුවිය. බුදු දහම ද මෙකල පැවතුණ අතර බුදුදහම තුළ පැවති ආගමක් ලෙස දෙවියන් ඇදහීම මෙකල ජනප්‍රිය විය. නමුත් ක්‍රමයෙන් බුදුදහමින් ඉගැන්වූ සමානාත්මතාවය නැතිවී ගොස් ක්‍රමයෙන් කුලවාදය නැවත හිස ඔසවන්නට විය. මෙම ආගමින් අන්ධානුකරණයෙන් දෙවියන් ඇදහීමට පොළොඹවනු ලැබීය.