මෙකල නාලන්දා, තක්ෂිලා, වික්‍රමශිලා යන විශ්ව විද්‍යාල වලට රාජ්‍ය අනුග්‍රහය ලැබුණු අතර මේවායේ ඉගෙනීම සඳහා ඉන්දියාවෙන් පමණක් නොව විදේශ රටවලින් ද ශිෂ්‍යයෝ පැමිණුනහ. එ් එ් විශ්ව විද්‍යාල නොයෙකුත් විෂයයන් සඳහා ප්‍රසිද්ධියට පත්ව තිබූ බව පෙනේ. නාලන්දාව බෞද්ධ ආගම, සාහිත්‍යය, දර්ශනය ආදී විෂයයන්ට ප්‍රසිද්ධ වු අතර තක්ෂිලා විශ්ව විද්‍යාල අර්ථ ශාස්ත්‍රය සම්බන්ධයෙන් ප්‍රසිද්ධ විය. මෙකල ශේ‍්‍රෂ්ඨ ගණිතඥයන් කිහිප දෙනෙකු ද විය. ආර්යභට්ට, වරාහමිහිර, බ්‍රහ්ම ගුප්ත ඒ අතර ප්‍රසිද්ධය. බින්දුව සහ දශම ක්‍රමය ගුප්ත යුගයේ භාවිතයට ගෙන ආවේය.