මෙකල බිහිවූ ආගමික ග්රන්ථ අතර විෂ්ණු දෙවියන් ඇදහීම සම්බන්ධ විස්තර සඳහන්වන 'විෂ්ණු ස්මෘති' ග්‍රන්ථයත්, ශිව දෙවියන් පිළිබඳව ලියැවුණු 'ශිව පුරාණ' නම් ග්රන්ථයන් වැදගත්ය.
කාලිදාස මෙකල විසූ ශේ්‍රෂ්ඨතම කවියා ලෙස සැලකේ. ඔහුගේ මේඝ දූතය ඉතාමත් ජනප්‍රිය කාව්‍යය වේ. 'ඍසංහාර' 'කුමාර සම්භව' 'රඝුවංශ සහ සකුන්තල' නාට්‍යය ඉතා වැදගත් කෘතීන් වේ. දණ්ඩීන් මෙකල සිටි තවත් වැදගත් ලේඛකයෙකි.
ලෝකයේ භාෂා විශාල සංඛ්‍යාවකට පරිවර්තනය වී ඇති 'පංචතන්ත්‍රය' ද ලියැවුණේ මෙකලය. පංචතන්ත්‍රය කොටස් 5 කින් යුත් අතර කතා රැසකින් සමන්විතය.. ඒ සෑම කතාවක්ම රජකු වීමට බලාපොරොත්තු වන රාජ කුමාරවරුන්ට හපත් දේ ඉගැන්වීමට ගුරුවරයකු විසින් ලිවූ ඒවාය. එහි රාජ්‍ය පාලනය කරන අයුරු, මිතුරන් තෝරාගැනීම, ස්ව පැවැත්ම ආදි කරුණු ඇතුලත්ය.