දේශාංශ හා අක්ෂාංශ රේඛා යනු කුමක්ද ?
 


දේශාංශ :-
උත්තර ධ්‍රැවය හා දක්ෂිණ ධ්‍රැවය සම්බන්ධ කරමින් සමකයට ලම්බව විහිදෙන කල්පිත වෘත්ත දේශාංශ වශයෙන් හදුන්වයි. මෙම දේශාංශ රේඛා අංශක 00 දේශාංශ රේඛාව එංගලන්තයේ ග්රිනිච් නගරයේ තාරකා පරීක්ෂණාගාරය හරහා වැටී තිබෙන අතර එබැවින් 1885 සිට එය ග්රිනිච් මධ්යහ්න දේශාංභය ලෙස පිළිගැණිනි. මෙය මධ්යහ්න රේඛාව ලෙසද හදුන්වයි. මේ අනුව 00 මධ්යහ්න රේඛාවට බටහිරෙන් දක්වා ඇති දේශාංශ යනුවෙන් ද හදුන්වනු ලබයි. මෙම දේශාංශ 00 සිට බටහිරට දේශාංශ 1800 ක් දක්වා ද නැගෙනහිරට දේශාංශ 1800 රේඛාව බටහිර හා නැගෙනහිර යන දෙකටම පොදු රේඛාවක් වේ. දේශාන්තර අංශක දෙකක් අතර පරතරය කිලෝමීටර 111ක් පමණ වේ. (සැතපුම් 69 කි) දේශාංශ 10 සිට ඊළඟ දේශාංශ 10 දක්වා අතර පවතින කාලයේ වෙනස මිනිත්තු 4කි. පහත ලෝක සිතියමෙන් දැක්වෙන්නේ 150 න් 150 ට දේශාංශ රේඛා විහිදී ඇති ආකාරයයි.




 


 


 


 


 


 


 


 




 

අක්ෂාංශ :- පෘථිවිය මත ඇති විවිධ ස්ථානවල පිහිටීම දැක්වීමට යොදා ගනු ලබන වෘත්තාකාර සමාන්තර රේඛා විශේෂය අක්ෂාංශ නමින් හැදින්වේ. පෘථිවි ගෝලය සමාන කොටස් දෙකකට බෙදීමේ දී හරි මැදින් වැටෙන රේඛාව අංශක 00 රේඛාව හෙවත් සමකය වශයෙන් නම් කරයි. ඉන් උතුරු කොටස උත්තරාර්ධ ගෝලය ලෙස දකුණු කොටස දක්ෂිණාර්ධ ගෝලය ලෙස හදුන්වයි. මෙම අක්ෂාංශ උත්තර ධ්රැවයට 900 ක්ද දක්ෂිණ ධ්රැවයට 900 ක්ද වශයෙන් සමකයේ සිට වෘත්තාකාර රේඛා වශයෙන් දක්වනු ලබයි. අනුව උතුරු අර්ධ ගෝලයේ අක්ෂාංශ උතුරු අක්ෂාංශ වශයෙන් දකුණු අර්ධ ගෝලයේ අක්ෂාංශ දකුණු අක්ෂාංශ වශයෙන් දක්වයි. මෙම අක්ෂාංශ ධ්රැව අසලට යත්ම කුඩා වෘත්ත බවට පත්වේ. අක්ෂාංශ අංශක දෙකක් අතර පරතරය කිලෝමීටර 111 ක් හෙවත් සැතපුම් 69 කි. එක අංශකයක් කලා 60 ක් විකලා 60 කට බෙදයි. පහත රූපයෙන් දැක්වෙන්නේ ලෝක ගෝලයේ එවැනි වැදගත් අක්ෂාංශ කිහිපයකි.


 


 


 


 


 


 


 


 


 


 


 


 


 


 







 

 

 

 

මෙම අක්ෂාංශ හා දේශාංශ රේඛා පෘථිවිය මත සැබෑ අන්දමට පිහිටා ඇති රේඛා සමූහයක් නොවන අතර එය පෘථිවියේ විවිධ පිහිටීම් දැක්වීමට පහසුවන ලෙස පෘථිවිය හරහා වැටී ඇතැයි නිමානය කොට දක්වන ලද කල්පිත රේඛා සමූහයකි. පහත ලෝක ගෝලයෙන් දැක්වෙන්නේ එවැනි අක්ෂාංශ දේශාංශ කිහිපයක් දක්වන ලද සිතියමකි.




මෙම අක්ෂාංශ දේශාංශ උපයෝගි කොට ශ්රී ලංකාවේ පිහිටීම දුනා ගනිමු.


(c) Shilpa Sayura Foundation 2006-2017