මෞර්ය පරපුරෙන් පසුව ශක රාජවංශය සහ කුෂාණ රාජවංශය ඉන්දියාව පාලනය කළහ. පසුව ගුප්ත රාජවංශිකයන් ඉන්දියාවේ පාලන බලය ලබාගත්හ. ක්‍රි.ව 240-550 දක්වා වූ ගුප්ත අධිරාජ්‍යය ඉන්දියාවේ ඇතිවූ බලවත්ම දේශපාලන හා හමුදාමය අධිරාජ්‍යයක් ලෙස සැලකේ. එයට නැගෙනහිර පකිස්ථානය, බංග්ලාදේශයද ඇතුළු වීය. එම කාලය ඉන්දියාවේ බුද්ධිමය දියුණුවේ ස්වර්ණමය යුගය ලෙස සැලකේ. ගුප්තවරුන්ගේ නායකත්වය යටතේ කලාත්මක හා විද්‍යාත්මක දියුණුව ලඟාවූ අතර දශමස්ථාන ක්‍රමය, බිංදුව සොයාගැනීම සිදුවිය.
ගුප්තා රාජවංශය වීනයේ හැන් හා ටැන් රාජ වංශද, රෝමය ලෙසින්ද බලවත් වීය. මගධයේ බිහිවූ කුඩා රාජධාණියක් වූ ගුප්තය ශ්‍රී ගුප්ත නම් මහරාජා කෙනකු විසින් ආරම්භකරන ලදැයි සැලකේ. උතුරු ඉන්දියාවේ වින්ධ්‍යා ප්‍රදේශයේ මුලින්ම රාජ්‍ය කළ ගුප්තාවරුන්ගේ කලා බලපෑම ආසියානු කලාපයටම විහිදුණු බවට සාක්‍ෂි ඇත.
ගුප්තාවරු දක්‍ෂ රණකාමීන් මෙන්ම ඉතා හොඳ පාලකයෝද වූහ. ඔවුන් විදේශික ගෝත්‍ර නම්මාගෙන දේශපාලන බලය ගොඩනගා ගත්හ. ඉන් ආර්ථික සමෘද්ධිය ලඟාවූ අතර සංස්කෘතික දියුණුවද ඇති වීය.
සංස්කෘත භාෂාව හා සාහිත්‍යයේ උපරිම දියුණුව ඇතිවූයේ ගුප්ත කාලයේදීය. කාලිදාස, දන්ඩි, විශාකදත්ත, ශුද්‍රක, භාරවි යන ඉන්දියාවේ මහා කිවිවරු පහල වූයේ ගුප්ත යුගයේය. ඉතාමත් දර්ශනීය විහාර ගොඩනැගූ ඔවුන් ආගමික සමගියද ඇති කළහ.
වෛද්‍ය විද්‍යාව, පශු වෛද්‍ය විද්‍යාව, ගණිතය, තාරකා සාශ්ත්‍රය ගැන පොත් ලියැවුණි. විදේශ වෙළඳාම අතිශයින් දියුණු වූ අතර බුරුමය, කම්පුචියාව, තායිලන්තය, ඉන්දුනීසියාව හා ලංකාව අතර ආර්ථික හා සංස්කෘතික සම්බන්ධතා සවිමත් වීය.
ඉන්දියාවේ ස්වර්ණමය යුගය ලෙස සැළකෙන ගුප්ත යුගය ඉතාමත් නිර්මාණශීලී කළා නිර්මාණ රැසක් බිහිවීමටද හේතු විය. ඔවුන් ඉතා හොඳ රාජ්‍ය පාලන ක්‍රමයක් පිහිටවූහ.
සමාජ ආකල්ප හින්දු විශ්වාස මත පදනම් වූ අතර කුළ ක්‍රමය පැවතිණි. චනද්‍රගුප්ත (මෞර්ය නොවේ), සමුද්‍රගුප්ත, කුමාරගුප්ත, ස්කන්ධගුප්ත, නරසිංහගුප්ත, බුද්ධගුප්ත, විෂ්ණුගුප්ත නම් රජවරු ගුප්ත යුගයේ විශේෂිත වේ. ක්‍රි.පූ. 500 දී හුනාස්වරුන් ගුප්ත අධිරාජ්‍යයට පහර දී එය පෙරළා දැමීමෙන්, ගුප්ත අධිරාජ්‍යයේ පාලන අවුල්වීමත් සමඟම එහි පරිහානිය ඇති විය. තවද දුර්වල රාජ්‍ය පාලකයයින් හේතු කොටගෙන ගුප්ත අධිරාජ්‍යය දුර්වල වූ බව කියැවේ.