පල්ලවයන් දකුණු ඉන්දීය රාජ වංශයකි. ඔවුන් කාන්චිපුරම් නගරය මුල්කොටගෙන හතරවන ශත වර්ශයේදී බලය පැතිරූහ. පළවන මහේන්ද්රවරමන් රජු (ක්‍රි.ව 571 – 630) හා නරසිංහවරමන් රජු(ක්‍රි.ව. 630 – 668) කාළය ඔවුන්ගේ ස්වර්ණමය යුගය ලෙස සැලකේ. ඔවුන් 9 වන ශත වර්ෂය දක්වා දකුණුදිග ඉන්දියාව පාලනය කළහ.
නිතර උතුරු රාජ්‍ය හා දකුණේ චෝල හා පාණ්ඩය ද්‍රවිඩ රාජ්‍ය සමග සටන් වැදුනු ඔවුන් පසුව චෝල රජුන්ට පරාද වූහ.
පල්ලවයන්ගේ ද්‍රවිඩ ගෘහ නිර්මාණ හා ප්‍රතිමා කළාව මහභාලිපුරම්හිද, මහනුවර ගඩලාදෙණියේද, නාලන්දා ගෙඩිගේද දැක ගත හැක.