සමෝච්ච රේඛා යනු කුමක්ද ?
 

භුමි ප්‍රදේශයක එක සමාන උස ඇති තැන් යා කොට අඳිනු ලබන රේඛාව සමෝච්ච රේඛාව යනුවෙන් හදුන්වයි.


එය සිතියම් ගත කරන භුමියේ විෂමතාවය නිරූපණය කිරීමට යොදා ගනු ලබන කල්පිත රේඛාවකි;
මධ්‍ය මුහුදු මට්ටම 0 ලෙස සලකා සම්මත ආරම්භක රේඛාවක් යොදා, මුහුදු මට්ටමේ සිට ඉහළට භුමියේ උස මනිනු ලැබේ.


 




 

1:50,000 පරිමාණයට අනුව අඳින ලද, ශ්‍රී ලංකා මෙට්රික් සිතියම්වල සමෝච්ච රේඛා අන්තරය මීටර 20 ක් වන අතර සමෝච්ච රේඛා අඳිනු ලබන සම්මත වර්ණය වන්නේ දුඹුරු පැහැයයි. වඩාත් නිවැරදිව සමෝච්ච රේඛා සිතියම් ඇඳීමට ගුවන් ඡායාරූප බෙහෙවින් උපකාරි වේ.

 

(c) Shilpa Sayura Foundation 2006-2017