හාවකුගේ ඉරියව් කවියට නැගු මේ ජන කවියා, උපදවා ඇති චමත්කාරය අපූරුය. හාවාගේ ගමනත් ඔහුගේ ස්‌පන්දයත් මේ කවි පෙළින් අනාවරණය කරයි.
තානත්ත තානත්ත තානම්-තම්ද
තානත්ත තනෙනත්ත තානම්
තනත් තනෙන තතන තනෙන-
තානෙන තම්දාන තනෙන-තම්ද
තානත්ත තනෙනත්ත තානම්
වන පැත්ත බිය පත්ව සයනම් //
දුටත් යනෙන වටත් පනින
පිටත් පට ගසා පනිමින
නැත නාඩි ඉඳවාඩි වෙවුලුම්//
නො-නැවත එනු නැත එතනින්
හිරුත් අවරගිරත් පැමිණ
කලක් වසන තැනින් දුවන
පැන පැන අසි පත්‍ර බුදිමින්//
සිරි ගත්ත සඳුපත්ත මුදුනෙන්//
හිසත් ඔසව ගතත් සොලව
මහත් සමගියෙන් දුව පැන
උනුදැඩි වන වාඩි ලන්නන්//
මේ ඇත්තමයි සත්ත කියනෙම්//
ගමනක් යන විලසක් ලෙස
ඉසුරුත් දෙමි කල සතොසින්
කරදැඩි මුසලඩි වන්නම්//