මෙය ගීත ස්‌වරයට කැමැති කිසියම් රචකයකුගේ කෘතියකි. මෙහි ගැබ්වී ඇති කර්ණ මාධුර්ය බලන්න.
තනෙන තන තන තනෙන තන තනා............නම්
දාන තානෙන තනෙන තන තන තනෙන තන තානා
මවට හට ගත් එදොළ දුක සින්දා-පිය
රජුනි මම යමි එරන්දති නා රජුගෙ පා වැන්දා
සැරසි ගත රන් එමුතු බර නින්දා-දුටු
දනන් පිනවන ලෙසට පටසළු සේල එ පැලැන්දා
රුවින් පැහැසර කුමරි මන නන්දා-පඩි
දුන්නෙ හදවත දුන්නු කෙනකුට සරණ යෙමි බන්දා
ඉතින් මව්ගේ දිවි රකින මෙන්දා-නා
රජුගෙ දියණිය කාල ගිරි පර්වතයට ආවෙන්දා
එරන්දතී හමුවීම
පූර්ණකයාට එරන්දතී හමුවීම විස්‌තර කරන කවියා උසස් චමත්කාරයක් මතු කරයි. සුලබ උපමා වලින් සරසා ඇත ද ශබ්ද සංකලනය නිසා කවිය අපගේ අභිරුචිය වඩයි.
තන තන තාන තනම්ද-තානෙන තනෙන තනම්ද
නා තන තාන තනම් ද-තම් දන තාන තානා,
වරලස නිල් පැහැයෙන් ද-අඩසඳ පටු නලලින්ද
තුනඟුල් බැම සඟලින් ද-ඉඳුනිල් නෙත් දෙකිනී
දෙතොල ඒ නාදළු මෙන් ද-දත් කොඳ කැකුළු ලෙසින්ද
මනහර ගෙල වටයෙන් ද-රන් මාලය දිලුණි
ලමැද පයෝදර බැන්ද-රන්වන් බුබුළු ලෙසින්ද
සිහිනිඟ සළුපට ඇන්ද-දුටුවන් මවිත වුණි
පූර්ණක සෙනෙවි විසින් ද-ඒ රුව ලිය දකිමින්ද
නුඹ වෙත මගෙ සිතු බැන්ද-දිවි දෙමි මෙ නුඹ ගැනේ
නුඹගෙ රුවට සරි මෙන් ද-දෙව්ලොව දෙව් අඟනක්‌ද
නරලොව පතිනි කෙනෙක් ද-කියව මෙතොප ලදුනේ
නරලොව බිහිරි වෙමින් ද-කිදුරු නදට සරි මෙන්ද
ලෙසට ගීත කියමින් ද-කවුද මෙතොප තරුණි
අරුණ කිරණ යසකින් ද-තිබුණට එය නො ලැබෙද්ද
මෙමට අරුම දෙයකින් ද-දුන්නොත් වෙමි සරණේ
-නුවර කාලය