අපේ රටේ ඉතා ප්‍රචලිත සීපදය ඔබ අසා ඇත. මෙය ගම්බද කොතනත් සුලබය.
තනි විමනේ-සිටිමුත් දුක-නො ලැබෙද්ද
පැණි මීයේ-කෑ මුත් පිත-නැති වෙද්ද
මිණි බරණින්-සැදුමුත් ගත-බබලද්ද
පැණි වරකා-ගස මුත් හෙන-නොවදිද්ද
වැල්ලේ පිපෙන බිම් මල වාසනාවන්
ගොල්ලේ පිපෙන පන්මල වාසනාවන්
දෙපෝදාට පුන්සඳ වාසනාවන්
ජාතිත් අපේ මව්පියො වාසනාවන්
හාරන්නේ පඳුර වටකර ලියලන්ට
මෝරන්නේ සඳේ කළුවර වැඩිවෙන්ට
පීරන්නේ වරල තෙල් ගා ඔපවෙන්ට
තේරෙන්නේ නැද්ද මේ දුක දෙවියන්ට
ඔයේ වතුර යන්නේ පඩරැල් එක්‌කා
ගඟේ වතුර යන්නේ කුඩමසු එක්‌කා
මලේ සුවඳ යන්නේ බමරුන් එක්‌කා
කියතොත් කියාපන් සීපද මා එක්‌කා
කළුගල් තලාලයි පාරට දමන්නේ
එම ගල් තැලීලයි ගොන් කුර ගෙවෙන්නේ
ගොනා නොවෙයි හරකයි බර අදින්නේ
කිරිගල් පොත්තෙ කන්දයි අපි නඟින්නේ
බස්‌සා නිදි මරයි ඌ කරන වැඩ නැතී
බළලා කපු කටී ඌ වියන රෙදි නැතී
වඳුරා මහළු මුත් මිහිමි පිට ගමන් නැතී
සිවලා සිංහ වෙස් ගති පසුව රැවටෙතී
දුප්පත් කමට ගොන් බැඳ ගෙන දක්‌කනාවා
කන්ටත් නැතුව දිව රෑ අපි වෙහෙසෙනවා
ගොන්ටත් නොයෙක් වදදී අපි දක්‌කනවා
දැන්පත් දුකට දෙවියෝ පිහිටක් වෙනවා
මාමගේ හිතේ මා මරලා වැඩ ගන්න
නැන්දගෙ හිතේ උන්දැගෙ දුව බැඳ දෙන්න
අක්‌කගෙ හිතේ නංගිව දී බේරෙන්න
මගේ හිතේ දෙන්නම අරගෙන යන්න
තණ්‌ඩලේ දෙන්න දෙපලේ දක්‌කනවා
කටුකැලේ ගාලෙ නො ලිහා වද දෙනවා
හපුතලේ කන්ද දැකලා බඩ දනවා
පව්කළ ගොනෝ ඇදපන් හපුතල් යනවා
විමසීම හා රස විදීම
1. සීපද රචනා කළ ජනකවියන්ගේ ප්‍රතිහානය කෙබඳු ද?
2. ඔවුන්ගේ රචනාවල කරුණු සොයා ගත්තේ මොන මාර්ගයෙන් ද?
3. සීපදවල දක්‌නා ලැබෙන උපමා උදාහරණ පිළිබඳ ඔබ මතය කුමක් ද?
![](/sayura/images/logo2.png)