නෙළුම් කවි
 

ගම්බද කාන්තාවන් සමූහ ව නෙළුම් කවි කියන විට ඔබට ඇසෙන මාධූර්&ය උපදවන්නේ මෙබදු වචනවලිනි. කියවා බලන්න.


අප බෝසත් ගන්ද මාන පවුර වැඩ තොසේ
සිටු කුමරෙක්‌ බරණැස්‌ පුර කෙතක්‌ කර යසේ
කෙත රකිනට දාසි කෙල්ල ගියා සිතු තොසේ
අතු කඩමින් පැලක්‌ තනා දුකින් එහි වැසේ


රඟේ බොළඳ අඬා ගිරව් යේය කෙත වටා
තුඬින් තුඬට ගත්තු කරල් උන්ට බොජුනටා
සපා කකා කිරි උරවත් උන්ගේ රසයටා
කෙත රැක සිටි ටිකිරි බිලිදු එලෙව් සැකයටා


දුවෙයි මගේ කිරි හොරතල් මවුනි කියනවා
එබසට බිලිදුන් ඔක්‌කට පැන කිරි බොනවා
විගසට සක්‌ රද එතනට දිවස්‌ බලනවා
ගරුකොට පත්මාවතී දෙවිනන් සලසනවා


රත්තරනෙන් රනෙන් මාල කරේ දිලි දිලී
රත්තරනෙන් රනෙන් එමුදු දෑත දස ගිලී
රත්තරනෙන් රන් පා මුදු දෙපස දස ගිලී
ගොසින් බිසව සිටිය අසත් රනෙන් දිලි දිලී


පන්සියයක්‌ රහත් සමඟ නුවර වඩිනවා
පන්සියයක්‌ විළඳ බිලිඳු ගණන් බලනවා
පන්සියයක්‌ පාත්තරා ඇන්න වඩිනවා
මානෙල් මලකුත් අතකට ඇන්න වඩිනවා


දෝතින් වැඳගෙන රහතුන් ලඟම සිටිනවා
මෑතින් ඇවිදින් පසුබැස සැල කරවනවා
මේ කුසලින් මගේ මුකේ සුවඳ තිබෙනවා
තිබූ තිබූ අඩියට රන්මල් පියුම් පිපෙනවා


නීලවර්ණ තෙදගිනිදැල් රැස්‌ විහිදෙනවා
දෑත් දෙකට නීලවර්ණ පියුම් පිපෙනවා
මගේ මුකෙන් පුෂ්ප සුවඳ මට සෑදෙනවා
සේසත් මුතු කුඩ චාමර වට සෑදෙනවා


ඇතුන් අසුන් කොඩි කුඩ චාමර සෑදෙනවා
දහස්‌ හණන් පිරිවර වට කර සෑදෙනවා
මගේ ගැබෙන් පන්සියයක්‌ පුතුන් ලැබෙනවා
මෙ කී පිනෙන් පැතු සියලු දේ සෑදෙනවා


-නෙලුම් කවි අලංකාරය


විමසීම හා රස විදීම
1. "මෙහි රසය පරිසරය උඩ රඳා පවති" මේ කියමන ඔප්පු කරන්න.
2. ගැමියන්ගේ චාම් සිතුම් පැතුම් මෙහි ගැබ් වී ඇති හැටි සොයා බලන්න.

(c) Shilpa Sayura Foundation 2006-2017