දරු නැලවිලි
 

මෙය ගැමියන් අතර ඉතා ප්‍රකට රචනාවකි. නිරහංකාර සිතුම් පැතුම් වලින් පිරීගත් මේ කවිපෙළ කිසියම් ජනකවියකුගේ රචනාවකි. බලන්න.


දොයි දොයි දොයි දොයිය බබා
බයි බයි බයි බයිය බබා
නාඩා නිදියන්න බබා


නුඹෙ අම්මා කිරට ගියා
කිරි එරවා එන්ට ගියා
කිරි මුට්‌ටිය ගඟේ ගියා
ගඟ දෙගොඩින් ගලා ගියා
ඒ පාරේ කොක්‌කු ගියා
කොක්‌කු කළේ කිරි බීවා


අතට වෙරළු ඇහිද ගෙනේ
බරට ම දර කඩා ගෙනේ
ඉනට පලා නෙලා ගෙනේ
එයි අම්මා විගසකිනේ


කාගෙ හරක්‌ දෝ නොදැනේ
වෙලේ අඬා යන්නේ
කාගෙ ලියක්‌ දෝ නොදැනේ
හරක්‌ බලා ඉන්නේ


ටිකිරි ටිකිරි ටිකිරි ලියා
කළෙත් අරන් ලිඳට ගියා
ලිඳ වටකර කබරගොයා
කකුල කාපි දිය බරියා


විමසීම හා රස විදීම
1. තාලයට කියවන විට මෙයින් නැගෙන ගීතය අදුනා ගන්න.
2. මේවා ජනප්‍රිය වීමට හේතු මොනවාදැයි ඔබට කිව හැකි ද?
3. මෙහි ඔබ දකින ගම්බද චිත්‍ර මොනවා ද?

(c) Shilpa Sayura Foundation 2006-2017