රාජ ස්‌ත්‍රොත
 

මේ කවි සෙංකඩගල විස්‌තරය නම් වු මෙතෙක්‌ මුද්‍රණය නොවු පොතකින් සපයා ගන්නා ලදී. මෙය රජුට ස්‌ත්‍රෝත පිණිස රචනා කරනු ලැබූ බව පෙනේ. මෙහි එන විරිත් ඔබ සිත් ගන්නවා ඇත.


නිල්ලා සළුව රැලි අල්ලා සුවඳ වෙරපුල්ලා
මතිනි කොකුමෙන් කල මේ
තුල්ලා දේහ කැරකිල්ලා විදුලි මිණිසොල්ලා
කෙසර ගමනින් හැරු මේ
රල්ලා සුවඳ තැවරිල්ලා මෙහිමි සිසිලැල්ලා
ඉසුරු සිරිලක දිළු මේ
ලොල්ලා වඩන සොමිපුල්ලා මිතුරෙ දකෙපල්ලා
නිරිඳු යසසිරි බෝ මේ


රැකලා අවට මුර කරලා තෙඳග යස ඉසලා
යටග බැඳ ගෙන දිගු නෙත්
දැකලා දහම් රසවිඳලා කරන දස කුසලා
මුනුදු නම කර සුදිමුත්
මෙකලා පුරට තුඟු දදලා සතුරු යුද පෙරලා
හැරිය වෙඩි ගොස ගිගුමුත්
ලකලා නිරිදු පා වැදලා සිටින ගැති මැතිලා
බියෙන් සිය ගත වෙවුලත්


තෙදපත් කරන සත කඩවත් සමඟ පල
සෙත් සතට නොවසන් කල මේ
වරනත් තඹර කොද දිගු නෙත් පටිනි මුතුහර
ලත් ලෙලෙන මිනිබන් වැල මේ
වර අත් නිරිදු පද කමලත් මුලම සිට ලැබගත්
සරණ රුපුකැල හළ මේ
මදමත් දෙදළ කුඹු ගජ යුත් කවසි දඟ ඇලි
අත් රජෙකි අප හිමි හර මේ


-සෙන්කඩගල විස්‌තරය


විමසීම හා රස විදීම
1. මේ කවි වල ඔබ දන්නා ගුණ පක්‌ෂය කුමක්‌දැයි පැහැදිලි කර බලන්න.
2. චමත්කාර ජනක බව රැඳී ඇත්තේ මොන කරුණු උඩ ද?
3. මෙහි පද යොදා ඇති ක්‍රමය පරික්‌ෂාකර බලන්න.
4. මේ කවිවලට ගුරු වූයේ පැරකුම්බා සිරිත බව කරුණු සහිතව ඔප්පු කරන්න.

(c) Shilpa Sayura Foundation 2006-2017