සාක්‌කියක්‌
 

නුවර කාලයට අයත් මේ කවියා සෑහෙන කීර්තියක්‌ ලබා සිටින්නෙකි. විකට රසයෙන් පරිපෝෂිත පහත සඳහන් කවිපෙළ එයට අයත් වෘත්තයෙන් කියවා බලන්න.


කලුත් සයුත් සවුන් දරිත්
ලමිත් කුමිත් බවුන් තරිත්
කිරිත් ගිරිත් සුවන් තරිත්
ඇවිත් කළ රොසේ-ඔහොයියා


අවුල් නාද සපිරිවර්දනෙ
දින දින අවුල් නාද සපිරිවර්දනේ


 

පසුත් පෙරත් දෙයත් වරත්
රකිත් සිටිත් අනිත් බණිත්
ගසත් ඉසිත් ගලුත් වැලිත්
මමත් දුටු ලෙසේ-ඔහොයියා

අවුල් නාද සපිරිවර්දනෙ
දින දින අවුල් නාද සපිරිවර්දනේ


ඇඹුල් දෙනියෙ කිරාගෙ අඹු
දිඹුල් මලිට ඇන්න ටොක්‌ක
බුබුල් නැගුණි හිස හැම තැන
ඇඹුල් දෙසි ලෙසේ-ඔහොයියා


අවුල් නාද සපිරිවර්දනෙ
දින දින අවුල් නාද සපිරිවර්දනේ


නැඹුල් යකුට නිති පුද කොට
එකල් දියොගු දුවගෙන ගොස්‌
දිඹුල් දියට කඩා පැනපි
කිඹුල් මොටකු සේ-ඔහොයියා


අවුල් නාද සපිරිවර්දනෙ
දින දින අවුල් නාද සපිරිවර්දනේ


නල්ල ගෙදර සෙල්ලගෙ අඹු
එතනම ඉඳ ගුල්ලෝ නොවිඳි
පොල්ලක්‌ ගෙන "බල්ල" කියා
ගැසී නොව ලසෙ-ඔහොයියා


අවුල් නාද සපිරිවර්දනෙ
දින දින අවුල් නාද සපිරිවර්දනේ


ඉල්ල කකා ආඬින් වෙත
කොල්ල සේම ගොස්‌ දියෝගු
බල්ල වගේ පැන්නයි ගොස්‌
වල්ල කැලයටා-ඔහොයියා


අවුල් නාද සපිරිවර්දනෙ
දින දින අවුල් නාද සපිරිවර්දනේ


ටොක්‌ක නොහැර ඉන්නා බඩ
බක්‌ක කියන එකාගෙ දුව
අක්‌ක නුඹත් එනවද අන්
නක්‌ක නෙලුමටා-ඔහොයියා


අවුල් නාද සපිරිවර්දනෙ
දින දින අවුල් නාද සපිරිවර්දනේ


කෙක්‌ක අගින් ඇන්න කලට
හක්‌ක දෙපිට දත් පෙණුනිය
ටොක්‌ක කකා පැන්නයි ලිබ්-
බොක්‌ක ඇතුලටා-ඔහොයියා


අවුල් නාද සපිරිවර්දනෙ
දින දින අවුල් නාද සපිරිවර්දනේ


වත්තල කළුවාගෙ අඹුව-
තිත්ත කතාවෙන් බැන බැන
වත්ත පහළ තිබුණ කිතුල්
පිත්ත වන වනා-ඔහොයියා


අවුල් නාද සපිරිවර්දනෙ
දින දින අවුල් නාද සපිරිවර්දනේ


පැත්ත පිටට දුන්විට හම්-
පොත්ත ඉඟිලි හඬක්‌ නැගුණි
අත්තන කැලයට දිව්වේ
චිත්ත බිය ගෙනා-ඔහොයියා


අවුල් නාද සපිරිවර්දනෙ
දින දින අවුල් නාද සපිරිවර්දනේ


අඹන්වෙල රාල


විමසීම හා රස විදීම
1. මේ මොන පරමාර්ථයක්‌ උඩ රචනා කරන ලද්දක්‌ දැයි විමසා බලන්න.
2. කෝලාහලයට සම්බන්ධ වු පිරිස කවරහු ද?
3. මෙහි පවත්නා හාස්‍ය රසය නඟා බලන්න.
4. ශබ්ද සංකලනයෙන් කවියා නංවන ගීතය චමත්කාර ජනක බව ඔප්පු කරන්න.

(c) Shilpa Sayura Foundation 2006-2017