ඉන්දු සිචියානුවෝ (Indo-Scythians) ක්‍රි.පූ. 2-3 ශත වර්ශය
සිබේරියාවේ සිට ගාන්ධාරයට හා පන්ජාබයට සංක්‍රමණය වූ මොවුන් තම බලය ගාන්ධාරයේ සිට වයඹ දිග ඉන්දියාව දක්වා පැතිරූහ.
ඉන්දු පාතියන් රාජධාණිය
1වන ශත වර්ශයේදී පිහිටවූ ඉන්දු පාතියන් රාජධාණිය උතුරු ඉන්දියාව, පකිස්ථානය හා ඇෆ්ගනිස්තානය දක්වා විහිදිණු අතර ටැක්සිලා එහි අගනුවර විය. ගොන්ඩෝපාරෙස් නම් වූ රෝම සම්භවයක් සහිත පාලකයා විසින් මෙම රාජධාණිය පිහිටවිණි.
ඉන්දු සසේනියානුවෝ ක්‍රි.ව. 230 - 400
පර්සියාවේ සසේනියානු අධිරාජ්‍යය ඉන්දියාවේ ගුප්ත අධිරාජ්‍යය හා සමකාලීන වේ, ඔවුහු ක්‍රමයෙන් නැගෙනහිරට විහිදුණු අතර කයිබර් දුර්ඝය හරහා පැමිණ පන්ජාබය දක්වා පාතියන්වරු පරදා වයඹ දිග ඉන්දියාව (අද පකිස්ථාන ප්‍රදේශය) අල්ලා ගත්හ. මේ වන විට ඉන්දියාවේ තිබූ බෞද්ධාගමද ඔවුන් වැළඳ ගත් බව පැවසේ.

කිඩාරයිට් රාජධාණිය 4-5වන ශත වර්ෂ
නොමැඩ් ජාතියක් වූ කිඩාරයිට්වරු උතුරු ඇෆ්ගනිස්ථානයේ බලය රඳවා ගත්හ. පසුව නැතිවී ගිය ඔවුන්ගේ රත්තරන් කාසි දැනට හමුවී ඇත.

හුනාස් රාජධාණිය 5 වන ශත වර්ෂය
ඉන්දු හෙප්තලයිට්ස්වරු හෙවත් ඇල්කොන්වරු ලෙසද හඳුන්වන හුනාස්වරු ඇෆ්ගනිස්තානයේ බාමියන් නගරය මුල් කොටගෙන බලය රඳවා ගත්හ. ඔවුන් ගැන ඉන්දීය රගුවංශයේ සඳහන්ය.