ක්‍රි.පූ. 180 සිට 10 වැනි ශත වර්ෂය පමණ කාලයේ පැවතුණ ඉන්දු - ග්‍රීක රාජධාණිය උතුරු හා වයඹ දිග ඉන්දියාවේ පිහිටුවනු ලද්දේ ඩෙමිත්‍රියස් නම් හෙලේනික රජු විසිනි. ඔවුන් ග්‍රීක හා ඉන්දු අක්‍ෂර භාවිතා කළ අතර ග්‍රීක, හින්දු හා බෞද්ධ ආගම් ඇදහූහ. ඔවුනගේ බෞද්ධ කළා නිර්මාණ වලද ග්‍රීක ලක්‍ෂණ පවතී.
ඉන්දු ග්‍රීක රාජධාණිය ඇතිවූයේ ක්‍රි.පූ 326 දී මහා ඇලෙක්සැන්ඩර් රජු විසින් ඉන්දියාව අක්‍රමණය කල පසුය. ඔහු පන්ජාබය දක්වා අල්ලා ගති. ඇලෙක්සැන්ඩර් නැවත බැබිලෝනියට යනවිට එය ග්‍රීක කොළණියක් ලෙස ඔහුගේ ජනරාල් වරුන් විසින් පාලනය කරන ලදි. ඇලෙක්සැන්ඩර් රජුගේ මරණය සමග ග්‍රීක අධිරාජ්‍යය බිඳී වැටෙද්දී ඩෙමිත්‍රියස් විසින් ග්‍රීක -ඉන්දු රාජධාණිය පිහිටවනු ලැබිණි.
චන්ද්‍රගුප්ත මෞර්ය රජුට නන්ද වංශිකයන් පරාජය කිරීමටද මොවුන්ගේ සහය ලැබී ඇති අතර, මෞර්ය රාජ වංශය සමග ඔවුන් සහයෙන් කටයුතු කළහ. අශෝක රජ විසින් ග්‍රීසියටද බෞද්ධ නියෝජිතයන් පිටත් කළ බව අශෝක සෙල් ලිපි වල කියැවේ.