සුන්ගා අධිරාජ්‍යය ක්‍රි.පූ 185 - 73
 

සුන්ගා අධිරාජ්‍යය බිහිවූයේ ඊසාන දිග ඉන්දියාවේය. එයද මෞර්ය අධිරාජ්‍යයේ වැටීම සමඟ ආරම්භ විණි. පාටලීපුත්‍ර නගරය එහි ප්‍රධාන නගරය විණි. සුන්ගා රාජ වංශයේ ආරම්භකයා වූයේ පුසිමිත්‍ර සුන්ගාය ඔහු එවකට මෞර්ය අධිරාජ්‍යයා වූ බ්‍රද්රාත (Brhadrata) ඝාතනය කර කිරුළු පැළඳි.

 

 

 

 

 

සුන්ගා හින්දු භක්තිකයකු වූ අතර විහාරස්ථාන වනසා භික්‍ෂූන් වහන්සේලා මරා දැමූ බව කියවේ. අශෝක අධිරාජ්‍යයා විසින් තැනූ ස්ථූප 84000 ක් මොහු විසින් විනාශ කරන ලද අතර බෞද්ධ විහාර හින්දු කෝවිල් බවට පත් කරන ලදි.

සුන්ගා අධිරාජ්‍යය නිතර උතුරේ ඉන්දු-ග්‍රීක රජවරු සමග සටන් වැදුනහ. ක්‍රි.පු. 180 දී ඩෙමිත්‍රියස් Demetrius නම් ඉන්දු-ග්‍රීක පාලකයා ප්‍රථම ඉන්දු-ග්‍රීක රාජධාණියක් පිහිටුවීය. එය හින්දු කුෂ් කඳුකරයේ සිට මදුරාව දක්වා විහිදිණි. වරක් ඔවුන් පාටලීප්‍රත්‍ර නගරයටද පහර දුන්හ.

(c) Shilpa Sayura Foundation 2006-2017