සාතවානා අධිරාජ්‍යය ක්‍රි. පූ. 230 -199
 

මෞර්ය අධිරාජ්‍යයයේ වැටීම සමග බලය ගොඩනගාගත් සාතවානා (Sātavāhanas) හෙවත් අන්ද්‍රාස් වංශයට විශාල පාබල හා ඇත් හමුදාවක් වූ බව ග්‍රීක සංචාරක මෙගාතනීස් ලියා ඇත. ඔවුන් මෞර්ය අධිරාජ්‍යය යටතේ සිටියද, ඔවුන් අශෝක රජුගේ මරණයෙන් පසුව නිදහස ප්‍රකාශ කර තම රාජ්‍යයය පිහිටවා ගත්හ. සාතවානා වංශයේ ආරම්භකයා වූ සිමුකා මහාරාෂ්ට්‍ර, මාලව හා මධ්‍ය ප්‍රදේශයේ කොටසක්ද අල්ලාගන රාජ්‍ය පිහිටුවීය. ඔහුගේ සහෝදර කානා රාජ්‍යය දකුණු හා බටහිර දෙසල විහිදවූයේය. ඔහුගෙන් පසුව රජවුණු සට්කර්ණි උතුරේ බලය අල්ලාගන සිටි සුන්ගා වංශය පරාජය කරමින් උතුරට හා දකුණට තම බලය දිගු කළේය.

 


 

 

 

 

 වාසිස්ටපුත්‍ර ශටකර්ණි (Vasishtiputra Satakarni) තමන්ගේ හිස සහිත කාසියක් නිකුත් කර ඇත.


(c) Shilpa Sayura Foundation 2006-2017