විරූපි පුද්ගලයකු නිර්මාණය කර දැක්වීමේ ද,} මේ ජනකවියා දක්වා ඇති පරමාර්ථය ඉතා උසස්ය. ජනප්රිය කවි පොතක් වු වෙස්සන්තර ජාතකයෙන් තෝරාගත් මේ කවි පෙළින් ඔබට අදුන්වා දෙන්නේ ජූජකය.
ඉස කෙස් පුපුරැටි තඹ රැවුලායේ
පලල් නලල් ඇත තට්ටොලු වායේ
ඉගිලි ඉසිරි සිටි ඉස්සොරි යායේ
පිරු කබ ගුලි ඇස් කවුළු පුරායේ
වැහෙන පිරෙන දිය එකන් කුණායේ
නාස දෙපිට මිටි සොඬු වගු රෑයේ
නිකට උල්ව සිටි මුක දැලි යායේ
කෙළ තොළු බොල්ලෑ දත් කැටි යායේ
බුලත් නොකෑ කට කිරි වවුලායේ
පිටත් ඇසිරි සිටි කන කොරියායේ
පිට තෙල් දත් කා බස වෙවුලායේ
කැසිත් තදව එන මුසු ගැට යායේ
නහර ඉගිලි සිටි ඇට සැකිලායේ
කිඹුල් පිටක් වැනි ගත රළු වායේ
නිබඳ ඉගිල සිටි කොරල සමායේ
බඩවත පිටවත කොරල මොටායේ
රුදුරු වියරු ගුණ අටගති යායේ
ඇඳ රෙදි කඳවට අඟර ගසායේ
වේයන් කෑ දඬු වැනි කලවායේ
දන උතු වාදන් දෙපය කොරායේ
නැඹුරුව කොර වැනි පය බකලායේ
කෙන්ඩ ඉදිමි සිටි පයබරවායේ
නිය පිරිත්ත ඇති පතුල් කුනායේ
මෙ වැනි ලකුණු ඇති එකා යකායේ
-වෙස්සන්තර ජාතකය
විමසීම හා රස විදීම
1. කවියා තෝරාගත් වචන සමූහය කාරණයට උචිත වී ඇති පරිදි විමසා බලන්න.
2. මේ කවිය කියවන ඔබ මනසින් දකින රූපය කෙබදු දැ'යි විස්තර කරන්න.
3. ජූජකයාගේ අඟපසඟ විස්තර කිරීමට කවියා සොයාගත් සුලභ උපමා විමසා බලන්න.
![](/sayura/images/logo2.png)