විමල ධර්මසූරිය වර්ණනාව
 

ප්‍රචාරක වැඩ සඳහා රචනා කරන ලද හටන් කවි අතර මහ හටන අතිශය ජනප්‍රිය එකකි. එහි එන විමල ධර්මසූරිය වර්ණනාව මෙයි.


නිමල් යසැති සක්‌ බටුමෙන් දෙරණා
විපුල් කරන මෙන් රජ සිරි දියුණා
තුමුල් බලැති උඩ රට රජ පැමිණා
විමල් දහම් සූරිය නර වරණා


පසිඳු යසැති ඒ නරනිඳු මනකල
සිනිදු ගුණෙන් මැතිසෙන් පෑ නිකසල
විරිදු සටන් කරමින් කොටු බැඳිබල
තරිදු සිරින් වැඩ උන් සෙංකඩගල


චණ්‌ඩ ගුණැති ප්‍රතිකල් සිත නිතොරේ
කන්ඩ පාත රට මදවට මෙවරේ
යන්ඩ යුදට මහසෙන් ගෙන පතරේ
ගන්ඩ එදා උඩරට යත විසුරේ


අසා විමල දම් නර නිදු එබසේ
යසා ඇමති හට වද හළ මෙබසේ
අසා ඇමති සෙන් වදහළ එබසේ
ගසා අදිමු කිවු ජඩ සිවලුන් සේ


මෙසේ නිරිදුහට සැළ කර පෙමිනා
තොසේ වෙමින් යුදයට සිත් රොසිනා
විසේසයෙන් ප්‍රතිකල් සිත් වෙමිනා
ලසේ වෙමින් ගියො යුදයට එදිනා


සොබන විමල දම් සූරිය නරනා
කරන දෙපිල යුද අසුරන් ලෙසිනා
දෙරන උරිරු වතුරක්‌ කරවමිනා
රැගෙන එරජ විසුරේ අල්වමිනා


ඉන් ප්‍රතිකල් යුද කර පසු වෙමිනා
මන්තොස නොම ඉඳ හැමදෙන දුකිනා
පින් සරු උඩ රට නිරිදුට පෙමිනා
හන්තානෙට ගියො සොඳ එක බසිනා


-කිරිමැටියාවේ කිවිදු මහ හටන


විමසීම හා රස විදීම


1. මෙහි නුවර සාහිත්‍යයේ ඇති යම් යම් දුබල තැන් දැක්‌වීම සඳහා උපයෝගි කරගත හැකි දෙය සොයා බලන්න.
2. මුල කවියේ මුල් එළිවැට සඳහා යෙදී ඇති වචනවලින් කවියාගේ තත්ත්වය කුමක්‌ දැයි කිව හැකිද?
3. මේ කාව්‍යයක පරමාර්ථය ගැන කරුණු දෙන්න.

(c) Shilpa Sayura Foundation 2006-2017