ලස්සන කාන්තාවකගේ රූප සෞන්දර්&ය මෙබදුයයි කියන මේ කවි පෙළ ඔබ කියවා පලපුරුදු දෙයින්ම පරිපෝෂිතය.
පරසිදු මේ මිහිතල
මුදුරට පුරෙහි සාගල
මදුරදුට බෝ මල
දුවක් ඇත පබවති නමින් දුල
සිවුරියන් ගෙය කුස
වැද ඉඳින සඳ එදිගැස
දුරුවෙයි අදුරු රැස
මිණි පහන් ගණනක් මැවූ ලෙස
නිසි දෙසඳුන් සුවඳ
නික්මෙයි ඇඟින් මනනඳ
මහනිල් මල් සුවඳ
පිටත්වෙයි ඇගෙ මුව ගැබින් සොඳ
එකුමරි වසන තැන
රජකුමරියෝ ඇතත් වෙන
නොම දිලෙත් රුසිරෙන
දිනිඳු අබියස වූ පහන් මෙන
මෙකනා රුව සුමට
රැගෙන ගියහොත් ඇ වෙතට
සරිකළ සිරඹක මෙතොපට
වැඳිරියක සේ සිතෙයි මෙතොපට
තරු පිරිවරණ ලද
සරා සඳ මඬලක් ලෙද
පිරිවර ලියන් මැද
දිලෙයි පබවත් නැමැති රජ ලද
-අලගියවන්න
විමසීම හා රස විදීම
1. මෙහි එන උපමා උදාහරණ කිනම් කවි සම්ප්රදායකට අයත්දැ'යි සොයා බලන්න.
2. අතිශයෝක්තිය පිළිබඳ ව කිව හැකි තැන් මේ කවි පෙළින් සොයා දක්වන්න.
![](/sayura/images/logo2.png)